එෆ්.බී.අයි. ප්‍රධානී ජේම්ස් කොමී ඉවතට
Posted on 05.11.2017 by Madanayaka in විදෙස් පුවත් with 0 Comments
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එරට එෆ්.බී.අයි. ප්‍රධානියා වන ජේම්ස් කොමී සිය ධුරයෙන් ඉවත් කර ඇත.
මෙසේ කොමීව හදිසියේ ඉවත් කිරීම පිළිබදව යම් සැක මුසු තත්වයක් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දේ. මන්ද පසුගිය කාලයේ එක්සත් ජනපද ජනාධිපතිවරණය ආසන්නයේදී රුසියානු හැකර්වරැන් විසින් යම් යම් තොරතුරැ හෙළිකිරීම එරට ජනාධිපතිවරණයට සෘජුවම බලපෑබවට මත පළවිය. මෙම තොරතුරු පිටවීම පිළිබදව රුසියානු රජය සිටින බවටද චෝදනා එල්ලවී තිබුනි
මේ තොරතුරු පිටවීම පිළිබදව පසුගියදා එෆ්.බී.අයි. සංවිධානය විසින් පරීක්ෂණයක් කළයුතු බවට නිගමය කර ඇත. ජෙම්ස් කොමී හදිසියේ ඉවත් කරනු ලබන්නේ මෙවන් පසුබිමකය.
පසුගිය ජනාධිපතිවරණය සමයේ මහත් විවාදයට තුඩු දුන් හිලරි ක්ලින්ටන්ගේ ඊමේල් ගණු දෙනු පිළිබදව වහාම පරීක්ෂණ පැවැත්වීමට තමා නියෝග කළ බවට ප්‍රකාශ කළේය.
එම ප්‍රකාශය හේතුවෙන් එවකට ජනාධිපති අපේක්ෂකයකු ලෙස සිටි හිලරි ක්ලින්ටන්ට සිය ඡන්ද ව්‍යාපාරයේදී බරපතල පසුබෑමක් ඇතිවීමට හේතු විය.
Related News