தமிழ்
English
Contact
Monday 30th April 2018    
අඩි 100 ක් උස කසල කන්දෙන් පවුල් 15ක් අවදානමක « Lanka Views | Views of the truth

අඩි 100 ක් උස කසල කන්දෙන් පවුල් 15ක් අවදානමක



බණ්ඩාරවෙල පාරමීගම කරමඩුගස්කැන්න ප්‍රදේශයේ පවතින කසල ගොඩගසන අංගනයක් හේතුවෙන් මේ වන විට ඒ අවට ජීවත් වෙන පවුල් 15ක පමණ පිරිසක් ඉතා අවදානම් තත්වයකට මුහුණ දෙමින් සිටී.

එම කසල අංගනයේ බැම්ම මේ වන විට කසල වල පවතින අධික බරත් සමඟ තැන් කිහිපයකින්ම පුපුරා ගොස් ඇති අතර කුමන මොහොතකදී හෝ මෙම බැම්ම කැඩී යාමෙන් විශාල විනාශයක් සිදු විය හැකි බවට ප්‍රදේශවාසීහු අනතුරු අඟවති.

බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් වරයා මෙමෙ නිවාස හිමිකරුවන්ට අනතුරුදායකභාවය පිළිබඳ නිවේදන පමණක් නිකුත් කර ඇත. මේ වන විටත් අවදානමට ලක්ව ඇති පිරිස් පදිංචි කිරීම සඳහා විකල්ප ස්ථානයක් සොයා ගැනීමට ඌව පළාත් සභාව සමත් වී නොමැත. මෙම ගැටලුවට ඉක්මන් පියවර නොගතහොත් මෙයද තවත් ඛේදනීය සිදුවීමක් බවට පත් වීමට නියමිතය.

(Lankadeepa.lk)




Related News