පැරිස් සම්මුතිය යනු ,ප්‍රංශයේ පැරිස් නුවරදී ගෝලීය උෂ්ණත්වය ඉහළයාම වළක්වා ගැනීම සදහා එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 187ක එකගතාවයෙන් පසු 2015 වසරේදී ‘පැරිස් සම්මුතිය‘ අත්සන් තැබීය.
මෙසේ එකගතාවයට පැමිණ එයින් ඉවත්වීමට පසුගිය දින එක්සත් ජනපද නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කිරීම විසින් ලොව පුරා රටවල් එක්සත් ජනපදයේ ක්‍රියා මාර්ගය දැඩි විවේචනයට ලක්කරමින් සිටී. පසුගිය සතියේ පැවැති ජී 07 කාර්මික රටවල නායකයිනගේ හමුවේදී ගෝලීය උෂ්ණත්වය පිළිබදව සිය රට 2015දී පැමිණි එකගතාව පිළිබදව නැවත සලකා බැලීමට සිදුවන බව ප්‍රකාශ කළේය. ඉන් දින දෙකකට පසු 2015 වසරේදී ‘අත්සන් තැබූ ‘පැරිස් සම්මුතියෙන්’ ඉවත් වීමට තීරණය කිරීම නිසා ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට ජාත්‍යන්තරයෙන් දැඩි විවේචන එල්ල වී තිබේ.
“ඇමෙරිකාව පැරිස් සම්මුතියෙන් ඉවත්වීම පිළිබදව අදහස් දක්වා ඇති ජර්මන් චාන්සලර්වරිය එක්සත් ජනපදයේ එම තීරණය කනගාටුවට කරුණක් වුණත් අපි 2015 දී එකගවූ පරිදි පැරිස් සම්මුතිය පිහිටමින් ඉදිරියටත් කටයුතු කරන බව පවැසුවාය. කවරෙකුට හෝ කිසිවකට එය නවත්වන්න ඉඩ නොදෙන බවටද ඇය එහිදී වැඩිදුරටත් පවසා ඇත. පැරිස් සම්මුතියෙන් ඉවත්වීම හේතුවෙන් එක්සත් ජනපදයේ ආර්ථිකයට දැඩි ලෙස හානිවන බවත් එපමණක් නොව එරටට දශදහස් ගණනක් රැකියා අහිමි වනු ඇතැයි ද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇතැයි වාර්තාවේ.
ප්‍රංශයේ නව ජනාධිපති එමානුවෙල් මැක්රෝන්ද එක්සත් ජනපදයේ මෙම තීරණය අප්‍රසාදය පළ කර ඇත. ඇමරිකානු ජනාධිපතිවරයාගේ මෙම තීරණයට එරෙහිව ලොවපුරා පාරසරික සංවිධාන හා ගෝලීය උෂ්ණත්වය ඉහළයාමට එරෙහිව ජනතාවගේ අප්‍රසාදය ලොවපුරා ස්ථාන ගණනාවකදීම පළකිරීමට ඔවුන් කටයුතු කර තිබුනි.
ලොවපුරා වනාන්තර එළිකිරීම හා පාරිසරික විනාශයන් හා කාර්මිකකරණය හේතුවෙන් වායුගෝලයට මුදාහැරෙන විෂ රසායකනික හා කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය සීඝ්‍ර ලෙස ඉහළයයි. මේ හේතුවෙන් එය පාලනය කිරීමේ උවමනාවෙන් 2015දී මෙම පැරිස් සම්මුතිය අත්සක් කරන ලදී. ගෝලීය උෂ්ණත්වය ඉහළයාම සෙල්සියස් අංශක 2 වඩා අඩු අගයක පවත්වාගැනීම සඳහා ඇමෙරිකාව ඇතුළු ලොව ප්රමුඛ රටවල් මෙම ගිවිසුමට එකගවිය.
යුරෝපා සංගමය හා චීන බලධාරීන් විසින් පෙරේදා 2015 වසරේදී එකගතාවයට පැමිණි කරුණු කඩිනමින් ක්‍රියාත්මක කිරීම සදහා යළි එකගත්වයට පැමිණිමීමට සමත්විය.
ලොව පාරිසරික හා කාර්මික අපද්‍රව්‍ය වැඩිම ප්‍රමාණයක් පරිසරයට මුදාහරින ලබන රටවල් වනුයේද එක්සත් ජනපදය හා චීනයයි. එබැවින් එක්සත් ජනපදය මෙම පැරිස් සම්මුතියෙන් ඉවත්වීමට තීරණය කිරීම යන්නෙන් අදහස් වන්නේ කිසිදු අවහිරතාවයකින් තොරව සිය අප ද්‍රව්‍ය හා වායු දූෂණයන් එලෙසම ඉදිරියටත් සිය රට තුල ක්රියාකත්මක කිරීමට අනුබල දෙනු ලබන බවයි.

