මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ සම්බන්ධව සාක්ෂි ලැබී ඇති අවසන් දින කිහිපයේ ඔහුව පැහැරගෙන ගිය බව සැක කරන හමුදා බුද්ධි අංශ නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දුරකථනවලට දිගින් දිගටම පණිවිඩ ඇමතුම් ලබාගෙන තිබූ බවට තොරතුරු හෙළිවේ.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පිළිබද ඔහුගේ බිරිය විසින් ඉදිරිපත් කළ හබයාස් කෝපුස් පෙත්සම සම්බන්ධයෙන් ඊයේ (05) දින හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ දී පැවති නඩු විභාගයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙම කරුණු අනාවරණය කර තිබිණි.
සැකකරුවන්ගේ දුරකථන සංවාද සම්බන්ධයෙන් අධිකරණයේ නියෝග මත ඩයලොග් ආයතනයෙන් සිදුකළ විමර්ශනයේ දී දැනට රිමාන්ඩ් භාරයේ සිටින ප්‍රධාන සැකකරු ජනාධිපති ලේකම් කාර්යාලයේ පුද්ගලයන් සමඟ මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කර ඇති බව වාර්තා කරන ලදී. සැකකරුවන් එසේ ජනාධිපති ලේකම් කාර්යාලය ඇමතූ එම ඩයලොග් සිම් පත් පවා ජනාධිපති ලේකම්වරයාගේ නමින් නිකුත්කර තිබුණු බවද අනාවරණය විය. මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරගෙන යන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.
අතුරුදන් කළ මාධ්‍යෙව්දියා පිළිබද ආන්දෝලනාත්මක සාක්ෂි ලැබී ඇති කාලයේදී එනම් 2006 අගෝස්තු පළමුවෙනි දා සිට 2010 අප්‍රේල් පළමුවෙනි දා දක්වා කාලයේ අක්කරෙයිපත්තු සහ ගිරිතලේ යුද හමුදා කදවුරුවල ඇතුළුවීම් පිටවීම් වාර්තා විමර්ශනයට එකතු කරන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක යුද හමුදාපතිවරයාට නියෝග කළේය. ගිරිතලේ යුද හමුදා කඳවුරේ සිට අක්කරෙයිපත්තු කඳවුරට පැමිණි සහ පැමිණ පිටවුණු පුද්ගලයන් කවුරුන් ද ඔවුන් කීවතාවක් පැමිණ සහ පිටවී ඇද්දැයි යන්න පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා එම ලේඛන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ලෙස විමර්ශනය කිරීමට නියමිතය.
මෙම එබයාස් කෝපුස් පෙත්සම් විභාගයේදී නම් කරන ලද පළමුවැනි සැකකරුගෙන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාගැනීමට අවශ්‍ය බවට අධිකරණයෙන් කළ ඉල්ලීමට අනුව එසේ ප්‍රකාශයක් ලබා ගැනීමට කටයුතු කරන ලෙස විනිසුරුවරයා විසින් බන්ධනාගාර අධිකාරිවරයාට නියෝගයක් නිකුත් කෙරිණ. විනිසුරුවරයා සැකකරුවන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළ අතර මෙම යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් අට දෙනා ලබන 18 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර නඩු විභාගය එදිනට කල්තැබිණි. දෙවන සැකකරුටද එදින අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත්කෙරිණි.