සංචාරක එංගලන්ත කාන්තා කණ්ඩායම හා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන 4වන එක්දින තරගය අද ආර් පේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මුලින්ම කාසියේ වාසිය ලබා ගත් එංගලන්ත කණ්ඩායම විසින් පන්දුවට පහරදීමට තීරණය කළේය. මේ වන විට එංගලන්ත කණ්ඩායම පන්දුවාර 44 අවසානයේ කඩුළු 8ක් දැවී 209ක් ලබා සීටී.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අයි.පී. ප්‍රනාන්දු හා අයි රණවීර කඩුළු තුන බැගින් දවාගැනීමට සමත්විය.