தமிழ்
English
Contact
Saturday 9th December 2017    
අගරදගුරුතුමන් පළමුවරට වැඩවර්ජනයක් නැවැත්වීමට මැදිහත් වෙයි! « Lanka Views | Views of the truth

අගරදගුරුතුමන් පළමුවරට වැඩවර්ජනයක් නැවැත්වීමට මැදිහත් වෙයි!



හෙට දින (05) පැවැත්වීමට  නියමිත වෛද්‍ය වැඩවර්ජනය කල් තබන ලෙස මැල්කම් රන්ජිත් අගරදගුරුතුමන් විසින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඉල්ලා සිටී.

දැනට රටෙහි පවත්නා ඩෙංගු රෝග වසංගතය නිසා රෝගි ජනතාව වෙනුවෙන් වර්ජනය අවලංගු කරන මෙන් මෙම ඉල්ලීම සිදු කළේ අද (04) පෙරවරුවේ කොළඹ  පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ය. වැඩවර්ජනයක් සම්බන්ධයෙන් කතෝලික පල්ලිය වෙනුවෙන් අගරදගුරු හිමි කෙනකු විසින් අදහසක් පළ කළ පළමුවැනි අවස්ථාව මෙය නිසා එය වඩාත් අවධානයට ගතයුතු අවස්ථාවක් ලෙස සැළකේ.

රෝගී ජනතාව වෙනුවෙන් අගරදගුරුතුමන් මෙසේ අනුකම්පා සහගත ලෙස මැදිහත් වීම විශේෂ වන්නට හේතු කිහිපයක් තිබේ. මෙම වසර තුල රෝගින් 200කට විශාල පිරිසක් මිය ගිය වුවද ඩෙංගු වසංගත තත්වය පිළිබද අගරදගුරු විසින් මේ දක්වා කිසිදු ප්‍රසිද්ධ අදහසක් හෝ එය වැලැක්විමේ වගකීම පිළිබද අදහසක් පවසා තිබුනේ නැත. එසේම වසර ගණනක් ඇදී යන සයිටම් අරගලය සම්බන්ධයෙන් ද අගරදගුරුතුමන් කිසිදු අවස්ථාවක අදහස් ප්‍රකාශ කොට නොතිබිනි.

මෙම ප්‍රකාශය වඩාත් වැදගත් වන්නේ මේ වනවිට කතෝලික ජනයාද ඇතුළුව විශාල පිරිසක් විරෝධතා දක්වන මුතුරාජවෙල කසළ බැහැර කිරීම සම්බන්ධයෙන්ද කිසිදු අදහසක් කතෝලික පල්ලිය විසින් පළ කර නොතිබෙන තත්වයක් තුළය.




Related News