தமிழ்
English
Contact
Wednesday 27th December 2017    
මාලදිවයින් කථානායකවරයාට දෝෂාභියෝගයක් එල්ලවේ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මාලදිවයින් කථානායකවරයාට දෝෂාභියෝගයක් එල්ලවේ



මාලදිවයින් පාර්ලිමේන්තුවේ කථානායනවරයාට එරෙහිව එරට විපක්ෂ සංධානය දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට අද දින කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මාලදිවයින ප්‍රධාන විපක්ෂය වන මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය විසින මෙම දෝෂාභියෝගය ගෙන ඒමට මූලිකව කටයුතු කර ඇත. දැනට විදෙස් ගතව සිටින එරට හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ්ගේ කණ්ඩායම් හා තවත් පක්ෂ කිහිපයක් එක්ව මේ වන විට පාර්ලිමේන්තුවේ බහුතර විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම ගොඩනගා ගෙන ඇත.

ලබන වසරේ පැවැත්වීමට නියමිත එරට ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණයට පෙර විපක්ෂ කණ්ඩායම් විසින් එරට පාර්ලිමේන්තුවේ බලය හිමිකර ගැනීමේ උත්සාහයක නිරතව සිටී. මෙම දෝෂාභියෝගය ගෙන ඒමේ අරමුණ වන්නේ කථානායකවරයා ඉවත් කොට විපක්ෂයේ අයෙකු කථානායකවරයා ලෙස පත්කර ගැනීමේ උත්සාහයයි.

මීට පෙරද එරට කථානායකවරයාට එරෙහි පසුගිය මාර්තු මසද දෝෂාභියෝගයක් ගෙන එමට විපක්ෂ කණ්ඩායම් උත්සාහ කළද ඒ අවස්ථාවේ ජනාධපති අබ්දූල් යමීන් විසින් හමුදාව යොදා පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරු කණ්ඩයමක් ඉවත් කිරීමට පියවර ගත්තේය. මේ හේතුවෙන් එම දෝෂාභියෝගය සාර්ථක කර ගැනීමට විපක්ෂයට නොහැකි විය.




Related News