ඔස්ටින් ප්‍රනාන්දු ජනාධිපති ලේකම්, මහේෂ් සේනානායක යුද හමුදාපති
Posted on 07.04.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
දේශපාලන ආරංචි පුරෝකතන කළ ආකාරයට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ධුරය දැරූ ඔස්ටින් ප්‍රනාන්දු ජනාධිපති ලේකම්වරයා ලෙස පත්කරන ලද බව වාර්තා වේ.
ඔස්ටින් ප්‍රනාන්දු දැරූ නැගෙනහිර ආණ්ඩකාර ධුරයට රෝහිත බොගොල්ලාගම පත්කර තිබේ. තවත් පත්වීම් දෙකක් සදහා ඉහළ නිලධාරින් අද (04) පෙරවරුවේ ජනාධිපතිවරයා අතින් පත්වීම් ලිපි ලබා ගත්හ.
ඒකාබද්ධ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි නිලයට ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා පත්විමෙන් පුරප්පාඩු වූ යුද හමුදාපති ධුරයට ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක ද ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ලෙස හිටපු නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කපිල වෛද්‍යරත්නද පත් කරන ලදී. ජනාධිපති ලේකම් ධුරය හිස් වූයේ හිටපු ලේකම් පීබී අබේකෝන් ඉල්ලා අස්වීම හේතුවෙනි. අරක්ෂක ලේකම් ධුරය හිස් වූයේ එම තනතුර දැරූ කරුණාසේන හෙට්ටිආරච්චි තනතුරෙන් ඉවත් කිරීම හේතුවෙනි. මෙම තනතුරු සෙලවීමේ ප්‍රධාන සාධකය වන්නේ සයිටම් විරෝධී අරගලය බව දේශපාලන අංශවල කතාබහට ලක්ව ඇත.
Related News