වසර ගණනාවක සිට ඉන්දියාව ඊශ්‍රායලය කෙරෙහි පැවැති ද්විපාර්ශවික සම්බන්ධතා නව මානයකට ගෙන යමින් ඉන්දීය අගමැතිවරයකු ප්‍රථම වරට ඊශ්‍රායලය වෙත පැමිණීමට නියමිතය.
පසුගියදා ඉන්දීය අගමැතිවරයා පවසා සිටියේ ඉන්දියාව හා යුදෙව් ජනතාව අතර වසර සියගණනක සිට සම්බන්ධතා පවතින බවයි. ඉන්දියාවේ නව ප්‍රවේශය වසර ගණනාවක සිට පලස්තීන වැසියන්ගේ දේශපාලන ප්‍රශ්නයට පක්ෂාතීව සෘජුව කටයුතු කළ තත්වය වෙනස් වෙමින් පවතින බව මෙයින් පෙනීයයි.
නරේන්ද්‍ර මෝඩි අද දින ඊශ්‍රායලය වෙත පැමිණීමෙන් පසුව ද්විපාර්ශවීය ත්‍රස්ත මර්දන හා සයිබර් ආරක්ෂක කටයුතුවලට අදාල ගිවිසුම් රැසක් අත්සන් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෝඩිගේ මෙම සංචාරයේදී පලස්තීනයේ රමල්ලා වෙත නොයන අතර පලස්තීන අධිකාරියේ ප්‍රධානී මොහොමඩ් අබ්බාස් හමුවීමේ සැලැසුමක් නොමැති බව වාර්තාවේ.
මෑත කාලීන ඉන්දු ඊශ්‍රායෙල් සම්බන්ධතා පිළිබදව සැලකීමේදී විශේෂයෙන් දක්නට ලැබෙන්නේ ඊශ්‍රායෙල් නව ආරක්ෂක උපකරණ හා අවි ලබා ගැනීමේ ප්රමුඛ උවමනාව ඉන්දියානු පාර්ශවයෙන් පෙනෙන බවයි.
විශේෂයෙන් චීනය හා පාකිස්ථානයට එරෙහිව සිය ආරක්ෂක උපක්‍රම සැකසීමේදී ඉන්දියාව ඊශ්‍රායලය හා එක්සත් ජනපදය වෙත වඩාත් නැඹුරුව ඇති බවයි. පසුගිය වසර හතර තුල ඉන්දියාව ඊශ්‍රායලයෙන් අවි ලබා ගන්නා නිත්‍ය රටක් ලෙස කටයුතු කරමින් පවතී.
එපමණක් නොව මේ වන විට ඊශ්‍රායලයේ ප්‍රධානම අවි ගැනුම්කරුවා වී සිටින්නේද ඉන්දියාවයි. වසරකට ඇ.ඩො.බිලියනයකට වැඩි වටිනා අවි මිලදී ගනිමින් සිටී.