தமிழ்
English
Contact
Saturday 9th December 2017    
හෙටට නියමිත වැඩ වර්ජනය සතියකින් කල් දැමුවා! – GMOA « Lanka Views | Views of the truth

හෙටට නියමිත වැඩ වර්ජනය සතියකින් කල් දැමුවා! – GMOA



හේතූන් කිහිපයක් මුල් කරගනිමින් හෙට(05) සිට ක්‍රියාත්මක කිරීමට තිබූ වෛද්‍ය වර්ජනය සතියකින් කල් දැමීමට අද පැවති විධායක කමිටු රැස්වීමේදී එලෙස තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

මෙම තීරණයට කරුනු කිහිපයක් පාදක වූ බව එම සංගමය පවසයි. එසේ බලපෑ ප්‍රධාන කරුනු වූයේ ඊයේ උසස් අධ්‍යාපන ඇමති ලක්ෂ්මන් කිරි ඇල්ල විසින් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා ඉදිරිපත් කළ යෝජනා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කලින් ඇතිකරගත් එකඟතා සම්බන්ධව ප්‍රකාශයක් නිකුත් කිරිමට එකඟ වීම, අස්ගිරි පාර්ශවයේ හිමිවරුන් සමග කළ සාකච්ඡාවේදී අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් විසින් කළ ඉල්ලීම බව එම සංගමය පවසයි.  කරන බවයි පෙන්වා දුන්නේ. කෙසේවෙතත් සයිටම්   නීතිගත   කිරීම   සඳහා   මතභේදාත්මක   තීරණ   වලට   එලඹිමට   බලධාරින් ක‍්‍රියාකලහොත් එම මොහොතේම අඛණ්ඩ වැඩ වර්ජනයකට යොමු වීමට විධායක කමිටුව තීරණය කර ඇත.




Related News