හිටපු සයිටම් උප කුලපතිට අධිකරණයෙන් වරෙන්තු!
Posted on 07.05.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
කොළඹ අධිකරණ වෛද්‍ය කාර්යාලයේ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල විසින් වරෙන්තු නිකුත් කර ඇත.
මෙම වරෙන්තුව නිකුත් කෙරුණේ 2011 වසරේ කැලනි ගගේ පාවෙමින් තිබුනු නාදුනන පිරිමි මළ සිරුරකට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවක් වසර හයක කාලයක් අධිකරණය වෙත ඉදිරිපත් නොකිරීමේ සිද්ධියකට අදාළවය. ෙමම චෝදනාව සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට අධිකරණය හමුවේ ඉදිරිපත් නොවීම නිසා පසුගිය මැයි 23 වැනිදා ආනන්ද සමරසේකරට සිතාසි නිකුත් කෙරුණි. එහෙත් ඒ අනුව අධිකරණය වෙත පෙනී නොසිටීම නිසා ආනන්ද සමරසේකර අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මහින්ද රාජපක්ෂ පාලන සමයේ ඝාතනයට ලක් වූ රගර් ක්‍රීඩක තජුඩින්ගේ අස්ථි කොටස් හොර රහසේ සයිටම් ආයතනයට ගෙන ඒම සම්බන්ධයෙන්ද වෛද්‍ය ආනන්ද සමරසේකර චෝදනා ලබා සිටී. තාජිඩින්කොගේ අස්ළති කොටස්ඹ අධිකරණ වෛද්‍ය කාර්යාලයෙන් විශ්‍රාම ගෙන පැමිණියේ සයිටම් ආයතනයේ උපකුලපති ධුරය භාරගන්නටය. 2016 දක්වා එම නිලයේ සිටි ඔහු දැන් සයිටම් ආයතනයේ අධිකරණ වෛද්‍ය විද්‍යා අංශය භාරව කටයුතු කරයි.