උසාවිය තවදුරටත් නිහඩයි

silence-in-the-courts

අධිකරණය විසින් වාරණය කරන ලද ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ “උසාවිය නිහඩයි“  සිනමා නිර්මාණය සම්බන්ධ නඩු විභාගය අද කොළඹ මහාධිකරණයේ පැවැත්වුණු අතර, එහිදී නැවත වරක් හෙට දිනය දක්වා එම චිත්‍රපටය වාරණය කිරීමට අධිකරණය තීරණය කර ඇත.

හිටපු විනිසුරු ලෙනින් රත්නායක විසින් සිදු කරන ලද පැමිණිල්ලක් විභාගයට ගත් අධිකරණය මීට පෙර අද දිනය දක්වා මෙම චිත්‍රපටය වාරණයට ලක් කළ අතර, අද දින පැවැති නඩු විභාගයේදී පැමිණිලිකාර ලෙනින් රත්නායක වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා අධිකරණයට නොපැමිණීම හේතුවෙන් හෙට දිනය දක්වා නඩු විභාගය කල් තැබුණු අතර, එතෙක් මෙම වාරණය ද දීර්ඝ කෙරිණි.

Leave a Reply