“යහපාලනයක් ගැන කතා කළ හවුල් ආණ්ඩුව, ජනතාව රැවටීමේ දේශපාලනයක“ – පුබුදු ජයගොඩ පවසයි

kegalla1

පෙරටුගාමී සමාජවාදී පක්ෂ විසින් මේ දිනවල පත්වන ජනරැලි මාලාවක එක් රැලියක් ඊයේ කෑගල්ල නගරයේ සති පොල ඉදිරිපිටදී පවත්විනි.

එහිදී අදහස් දක්වමින් පුබුදු ජයගොඩ පැවසුවේ“ මේවන විට රටේ ජනතාවට පාලකයන් විසින් දිනපතාම රූපවාහිනිය නරඹමින් විවිධ ජවනිකා නැරඹීමට අවස්ථාව උදාකරමින් සිටින තත්වයක් ඇති බවයි. ඒවා අතරින් කිහිපයක් ගැන සදහන් කරනවානම් පිරිසක් දැන් යෝෂිත රාජපක්ෂ, ඥාණසාර හිමි, හා තවත් අය අත් අඩංගුවට ගැනීමට ගැන සතුටුවන අතර තවත් පිරිසක් දුක්මුසුව ඒ පවෘත්ති බලන බවත් නමුත් මේ සියල්ල පිළිබද හොද අවබෝධයකින් මහින්ද මෛත්‍රී හා රනිල් ඇතුලු දේශපාලකයන් කටයුතු කරන අතර වේදිකාවේ පිටුපස සිදුවන තවත් දේවල් රාශීයකින් මේ බව තහවුරැ වී ඇති බවය.

නමුත් ඒ සියල්ලට පිටි පසින් නීතිය සාධාරණත්වය හා යුක්තිය ඉටු නොවන තත්වයකට හවුල් ආණ්ඩුවේ දේශපාලන පෙළගැස්ම වැටී ඇති බවත් එයට හොදම නිදසුන් ලෙස ලලිත් කුගන් අතුරැදහන් කිරීමට අදාලව සාක්ෂි ලබාදීමට නියමිතව ඇති කෙහෙළිය රඹුක්වැල්ල අධිකරණය මගහැරසිටීම, මීට වසර කිහිපයකට පෙර කුමාර් ගුණරත්නම් පැහැරගැනීමට අදාලව පසුගියදා ගෝඨාභය රාජපක්ෂ කර ඇති හෙළි කිරීමට අදාලව පොලිස්පත්වරයාට කර ඇති පැමිණිල්ල ගැන තවම කිසිදු පරීක්ෂණයක් මේවන විට සිදුව නැතිබවත්, එවැනි අතිශය බැරෑරුම් සැබෑ යථර්ථායක් රටතුල පවතින බවත්ය.

අද වනවිට මේ කිසිවක් හවුල් ආණ්ඩුවට අදාල නොවන තත්වයක් දක්වා යහපාලනය ගැන කතාකළ වත්වන් පාලකයින් සිය සුපුරැදු ජනතාව රැවටීමේ දේශපාලනය රගදක්වමින් සිටින බවත් මෙම රැවටිලිකාරී දේශපාලන තත්වය හා අලුතින් ගෙන එ්මට යෝජිත ව්‍යවස්ථා සංශෝනය හා පසුගිය අයවැයෙන් මෙරට ජනතාවට අත්වන ඉරණම හා එම තත්වය පිළිබදව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අදහස ජනතාවට පැවසීමට මෙම ජනරැලි මාලාවේ අදහස බවත් පුබුදු ජයගොඩ වැඩිදුරටත් පැවසීය.

එහිදී අදහස් දැක්වූ එම පක්ෂයේ පචාරක ලේකම් පුබුදු ජයගොඩ ජන රැලිය අමතන අවස්ථාව හා එම රැලියට සහභාගීවූ හේමාලි අබේරත්න, සුජිත් කුරුවිට වේදිකාවේ අසුන්ගෙන සිටින අයුරැ හා එම රැලියට සහභාගීවූ පිරිසෙන් කොටසක් පහත ඡායාරූපවල දැක්වේ.kegalla2 kegalla4

kegalla3