ඉන්දියාවේ මරුටි සුසුකි කම්හලේ වෘත්තීය අරගලයට සම්බන්ධ වූ කම්කරුවන් දහතුන් දෙනෙකුට ජීවිතාන්තය දක්වා ද තවත් කම්කරුවන් හතර දෙනෙකුට වසර පහ බැගින් ද දාහතර දෙනෙකුට වසර තුන බැගින් ද සිර දඬුවම් නියම කරණ ලදි.
සේවකයන් දහස් ගනනක් සහභාගිවූ මෙම වැඩවර්ජනයට පාලක පක්ෂයෙන් එල්ල වූ මර්දනය ඉකුත් මාර්තු 18දා එම අධිකරණ තීන්දුවෙන් තහවුරු විය.
මෙම මර්දනකාරී වැඩපිළිවෙලට එරෙහිවීමේ කතිකාවක් නිර්මාණය කිරීමේ ජාත්‍යන්තර අවශ්‍යතාවයක එක් පියවරක් ලෙස හෙට දින (08) සවස 3.30 ට කොළඹ ජාතික පුස්ථකාල ශ්‍රවනාගාරයේදී සම්මන්ත්‍රණයක් පැවැත්වීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය කටයුතු සංවිධානය කර ඇත.
එම සම්මන්ත්‍රණය හමුවේ අදහස් දක්වන්නට අපේක්ෂිත කථිකයින්-
පුබුදු ජයගොඩ
සිරිතුංග ජයසූරිය
සෙන්දිවෙල්
මහින්ද දේවගේ
විදර්ශන කන්නංගර
දිනුක සපුතන්ත්‍රී

Save