එක්සත් ජනපදයේ පසුගිය බදාදා සිදුවූ පොලිස් වෙඩි තැබීම්ට එරෙහිව පැවැති උද්ඝෝෂණයක් අතර තුරදී නාදුනන තුවක්තුකරුවකු විසින් එල්ල කරනු ලැබූ ස්නයිෆර් ප්‍රහාරයකින් එරට පොලිස් නිළධාරීන් පස්දෙනෙකෙු මියගොස් තවත් 11 දෙනෙකෙු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම සිදුවීමෙන් පසුව සැකකරුවන් තිදෙනෙකෙු අත්අඩංගුවට ගත්බව එරට පොලීසිය සදහන් කරයි.
පසුගිය බදාදා මිනසෝටා හා ලුසියානා යන ස්ථානයන්හි සිදුකළ පොලිස් වෙඩි තැබීම්වලට එරෙහිව මෙම උද්ඝෝෂණ පවත්වා ඇති අතර එම උද්ඝෝෂණය අතරතුර මෙම වෙඩි ප්‍රහාරය එල්ලකර ඇත.
පසුගිය වසර කිහිපයක සිට උත්සන්නවී ඇති කළුජාතක ජනයා ඉලක්කකර එල්ල කරනු ලබන පොලිස් වෙඩි තැබීම්වලට එරෙහිව එරට අප්‍රිකා ඇමෙරිකානු ජාතිකයන් හා මෙම වෙඩි තැබීම්වලට එරෙහි ජනතාව විසින් ප්‍රබල උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කර ඇත.
පසුගිය වසර දෙකේදී පමණක් එක්සත් ජනපදය තුල කළු ජාතික පුද්ගයින් විශාල ප්‍රමාණයක් ඝාතනය කර ඇති අතර මෙම ඝාතනවලට එරෙහිව ජනතා උද්ඝෝෂණ ගණනාවක් ඇතිවූ අතර බදාදා සිදු කළ තවත් වෙඩි තැබීම් දෙකකදී කළු ජාතික පුද්ගලයන් දෙදෙනෙකු මියගියාමත් සමග මෙම උද්ඝෙෘ්ෂණ නැවත ඇරඹුනි.
එම එක් සිදුවීමකදී සිය පෙම්වතා සමග මෝටර රථයේ ගමන් ගත් පෙම්වතිය විසින් තමන් මුහුණදුන් අත්දැකීම තම ජංගම දුරකථනයෙන් වීඩියෝ ගතකර පේස්බුක් වෙත යොමු කිරීමත් සමග එක්සත් ජනපදය තුල මහත් ආන්දෝලනයක් මෙම සිදුවීමෙන් පසුව ඇතිව තිබේ.