අපේ තාත්තා අපට දෙන්න – යාපනයේ දරුවන් උද්ඝෝෂණයේ 

jaffana

ඔක්තෝබර් පළමුවැනිදාට යෙදෙන ලෝක ළමා දිනය නිමිත්තෙන් හෝ දේශපාලන සිරකරුවන් ලෙස රදවා සිටින තම පියවරුන් නිදහස් කරන්නැයි බලකරමින් සැප්තැම්බර් 30 වැනිදා යාපනය දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්විණි.

මෙහි විශේෂය වූයේ මෙයට සහභාගී වූවන් දේශපාලන රැඳවියන්ගේ කුඩා දුදරුවන් වීමයි. ලංකාවේ දේශපාලන සිරකරුවන් නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මීට පෙර ප්‍රකාශ කළද පසුව එවැන්නන් තුන්සිය ගණනක් සිටින බව රජය නිල වශයෙන් පිළිගත්තේය.

සියලු දේශපාලන රැඳවියන් නිදහස් කරන ලෙස බලකරමින් ලංකාව තුලත් විදෙස් රටවලත් උද්ඝෝෂණ ව්‍යාපාරයක් ඔක්තෝබර් මාසය තුල ආරම්භ කරන බව සම අයිතිය ව්‍යාපාරයේ කැඳවුම්කරු රවීන්ද්‍ර මුදලිගේ ජනරළට පවසා ඇත.

හර්ෂනී රාජකරුණා