අගෝරා සංස්කෘතික උළෙල ලන්ඩන්හිදී

1

ලන්ඩනයේ අගෝරා සංස්කෘතික කවය විසින් සංවිධානය කරනු ලබන “අගෝරා සංස්කෘතික උළෙල – 2015” සැප්තැම්බර් මස 26 වැනි සෙනසුරාදා උදෑසන 10 සිට රාත්‍රී 8 දක්වා ලන්ඩන්හි වොට්ෆර්ඩ් ප්‍රදේශයේ  Woodside Community Centre (WD25 7ET) හි පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රවීන කවියෙකු සහ ගීතරචකයෙකු වන රත්න ශ්‍රී විජේසිංහ මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රී ලංකාවේ සිට පැමිණීමට නියමිත අතර ඔහු විසින් ගීත කිහිපයක් ඇසුරුකොට ගෙන විචාරාත්මක දේශනයක්ද පැවැත්වීමට නියමිතය. ප්‍රවීන නාට්‍ය අධ්‍යක්ෂ සහ සිනමා අධ්‍යක්ෂ විජිත ගුණරත්න විසින් ඉතාලියේදී නිෂ්පාදනය කරනු ලැබූ “යුධ පිටියේ සවාරියක්” වේදිකා නාට්‍යයද එදින වේදිකාගත කෙරේ.

සිනමා අධ්‍යක්ෂ නුවන් ජයතිලක විසින් සිනමා භාවිතාව සහ ප්‍රායෝගික අත්දැකීම් වලින් සමන්විත විශේෂාංගයක් ඉදිරිපත් කිරීමට කටයුතු සැලසුම් කොට ඇත.

මීට අමතරව එදින දවස පුරාවට දිවෙන ඡායාරූප ප්‍රදර්ශනයක්, චිත්‍ර ප්‍රදර්ශනයක් සහ ශ්‍රී ලාංකික පොත් ප්‍රදර්ශනයක් ද පැවැත්වේ.

ශ්‍රී ලාංකික සංස්කෘතිකාංග, විදේශීය සංගීතාංග වලින් පිරුණු අගෝරා කලා උළෙලේ සියළු අත්දැකීම් ලබාගැනීම වෙනුවෙන් කිසිදු මුදලක් අය නොකෙරේ.

ලන්ඩනයේ ශ්‍රී ලාංකික ප්‍රජාව අතර පර්යේෂණාත්මක කලා භාවිතාවක නිරත වන අගෝරා කලා කවය සිය සමාරම්භක කලා උළෙලට සහභාගී වන ලෙස බ්‍රිතාන්‍යවාසී සැමට මෙන්ම යුරෝපාවාසී සියළුදෙනාහට ආදරයෙන් ආරාධනාකොට සිටී.

Leave a Reply