අනතුරුදායක ධාවනය නිසා වූ රිය අනතුරකින් ජනපති ආරක්ෂකයෝ පහක් මරුට

SAMSUNG CAMERA PICTURES

අනතුරුදායක ලෙස බස් රථයක් ඉස්සර කිරීමට ගිය ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන් පස් දෙනකු මරු මුවට පත්ව තිබේ. ඉදිරියෙන් එන බස් රථය පිළිබඳ නොසලකා බස් රථයකට ඉස්සර කිරීමට යාමේදී බස් රථ දෙකේම ඔවුන් ගමන් ගත් ඩිෆෙන්ඩරය ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ. මිනුවන්ගොඩ – කොළඹ මාර්ගයේ මිරිස්වත්ත ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇත. තුවාල ලැබූවන් මිනුවන්ගොඩ සහ ගම්පහ රෝහල්වලට ඇතුළත් කර තිබේ. අද අලුයම රිය අනතුර සිදුව තිබේ.

ජනාධිපති ආරක්ෂක අංශයේ හා ඇමැති ආරක්ෂක අංශයේ පරිවාර රථවල අනතුරුදායක ධාවනය හා මගීන්ට සිදු වන හිරිහැර පිළිබඳ කාලයක පටන් සමාජයේ සාකච්ඡාවක් තිබුණු නමුත් බලධාරීන් ඒ කෙරෙහි අවධානය යොමු නොකළේය. මෙම රිය අනතුර ඒ කෙරෙහි යළි ඇස් අරවන්නකි.

 

ඡායාරූප ඩේලි මිරර්

 

 

SAMSUNG CAMERA PICTURES

SAMSUNG CAMERA PICTURES

SAMSUNG CAMERA PICTURES

SAMSUNG CAMERA PICTURES

Leave a Reply