ලෝක කුසලාන කාන්තා වොලිබෝල් ශූරතාවය චීනයට

1

12 වැනි ලෝක කුසලාන වොලිබෝල් තරගාවලියේ කාන්තා අවසන් තරග පසුගිය දා නිමාවට පත් විය. එහිදී සත්කාරක ජපානය තරග වට 3-0ක් ලෙස පරාජයට පත් කරමින් චීනය ශූරතාව දිනාගනු ලැබීය.

මෙම ජයග‍්‍රහණයත් සමඟම තරගාවලියේ ප‍්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් සිටි කණ්ඩායම් දෙක ලෙස චීනය හා සර්බියාව ලබන වසරේ බ‍්‍රසීලයේ රියෝ ද ජැනෙයිරෝහිදී පැවැත්වෙන ඔලිම්පික් තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීය. ඔවුන්ට අමතරව රියෝ ඔලිම්පික් කාන්තා වොලිබෝල් තරග සඳහා සත්කාරක බ‍්‍රසීලය දැනටමත් සුදුසුකම් ලබා සිටී.

චීනය විසින් කාන්තා වොලිබෝල් කිරුළ දිනාගත් හතර වැනි අවස්ථාව මෙය වන අතර මීට පෙර කියුබාවද අවස්ථා හතරකදී ලෝක ශූරියන් වී තිබේ. මෙම තරගාවලියේ පිරිමි තරග මේ වන විටත් ජපානයේ නගෝයාහිදී පැවැත්වේ.