සැප්තැම්බර් 9වැනිදා රාජ්‍ය ඇමතිවරු සහ නියෝජ්‍ය ඇමතිවරු දිවුරුම් දුන් අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දීමට නියමිතව සිටි මන්ත්‍රීවරුන් තුන්දෙනකු පැමිණියේ නැත.
එවැන්නක් සාමාන්‍යයෙන් සිදු නොවේ. විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස තේරී පත්වූ සිරිපාල ගම්ලත්, මහවැලි සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස තේරී පත්වූ අනුරාධ ජයරත්න සහ අධිකරණ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස තේරී පත්වූ එස්. දුශ්මන්ත දිවුරුම් දීමේ අවස්ථාවට පැමිණි සිටියේ නැත.