පාසල් රග්බි තරඟයේ කලබලය ගැන පරීක්ෂණ

2016-4-30 rugby

සිංගර් අන්තර්පාසල් ලීග් රග්බි තරගාවලියේ පළමු කොටස යටතේ කොලඹ ඉසිපතන විදුහල හා ගල්කිස්ස විද්‍යා විදුහල අතර ඊයේ (29) සවස පැවති තරගයෙන් අනතුරුව විනිසුරුවරයාට තර්ජනය කිරීම පිළිබඳව පරීක්ෂණයක් පවත්වන බව ශ්‍රී ලංකා රග්බි විනිසුරු කමිටුව පවසයි. එම පාසල් රග්බි තරගය අවසන් වූ බවට තරගයේ විනිසුරු රොහාන් ප්‍රනාන්දු සංඥා කිරීමත් සමග පිටියට පිවිසි ඉසිපතන විදුහලේ ධජයේ වර්ණය සහිත ඇඳුම් ඇඳ ගත් කළහකාරී පිරිසක් විනිසුරුවරයාට පහර දීමට උත්සාහ කරන ලදී. කෙසේ වෙතත් විනිසුරුවරයා ආරක්ෂිතව ක්‍රීඩාංගණයෙන් පිටතට ගෙන යාමට ක්‍රීඩාංගණ ආරක්ෂකයින් අසමත්වූ නිසා අවසානයේදී ඔහුට පොලිස් ආරක්ෂාව ද ලබා දීමට සිදු විය.
ශ්‍රී ලංකා රග්බි විනිසුරු කමිටුවේ සභාපති නිශාම් ජමල්ඩීන් පවසන්නේ මෙම අශෝභන සිද්ධිය පිළිබඳ වාර්තාවක් දිනක් ඇතුලත කැඳවන බවයි ඒ අනුව ශ්‍රී ලංකා රග්බි විනිසුරු කමිටුව විසින් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සම්මේලනයට ලිඛිත පැමිණිල්ලක් සිදු කිරීමට නියමිතය.

Leave a Reply