ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ණය දීමට එකඟ වේ.

2016.04.29 IMF (3)

තුන් අවුරුදු විස්තීර්ණ ණය පහසුකම් යටතේ ශ‍්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් කෝටි 150 ක් සැපයීමට නිලධාරී මට්ටමින් එකඟ වූ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.
ඔවුන් පවසන්නේ පසුගිය අපේ‍්‍රල් මාසයේදී ලංකාවේ බලධාරීන් සමඟ ඇති කර ගත් එකඟතා අනුව මෙය සිදු වන බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ප‍්‍රකාශයට පත් කර ඇති වාර්තාවක් අනුව. වෙනත් ද්විපාර්ශ්වීය සහ බහු පාර්ශවීය ණය වශයෙන් තවත් ඇමෙරිකානු ඩොලර් දශ ලක්ෂ 650 ක් ඉදිරියේදී සපයනු ඇතැයි අපේක්ෂා කරන අතර ඒ අනුව ලංකාවට සපයනු ලැබෙන මුළු මුදල ඩොලර් කෝටි 220 ක් පමණ වෙතැයි කියැවේ.

ණය සැපයුම ජුනි මාසයේ

මෙකී ණය සැපයුම ලබා දෙන්නේ මාස තිස් හයක කාල පරාසයකට යටත්ව බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ‍්‍රී ලංකා දූත මණ්ඩලයේ ප‍්‍රධානී ටොඞ් ෂ්නයිඩර් පවසයි. මෙම ගිවිසුමේ පූර්ව කොන්දේසි සම්පූර්ණ කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතියට යටත් වෙන බවද ඔහු පවසයි. ශ‍්‍රී ලංකාවේ ඉල්ලීම ලබන ජුනි මස මුල දී සලකා බැලෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි ටොඞ් ෂ්නයිඩර් වැඩි දුරටත් පවසයි.

ගිවිසුමට අදාළ ආර්ථික ප‍්‍රතිසංස්කරණ න්‍යාය පත‍්‍රයට ශ‍්‍රී ලංකා ආණ්ඩුවේ ආර්ථික වැඩ සටහන, බදු ප‍්‍රතිපත්තියේ මූලික වෙනස් කම් සිදු කිරීම සහ බදු ආදායමේ පහළ යාම පාලනය කිරීමට හා රාජ්‍ය මූල්‍ය කටයුතු මැදි කාලීනව තිරසාර පදනමකට ගෙන ඒම ඇතුළත් වෙයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ‍්‍රී ලංකා දූත මණ්ඩලයේ ප‍්‍රධානී ටොඞ් ෂ්නයිඩර් පවසන ආකාරයට .එම ක‍්‍රියාවලියේ ඉලක්කය ප‍්‍රාථමික මූල්‍ය අතිරික්තයක් දක්වා වර්ධනය වෙමින් රාජ්‍ය ණය සැලකිය යුතු මට්ටමින් අඩු කර. ගැනීමයි. කෙසේ වෙතත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි පිළිබඳ මීට පෙර මාධ්‍ය මඟින් කළ විමසීමදී මුදල් අමාත්‍ය රවී කරුණානායක ප‍්‍රකාශ කර සිටියේ මෙම ණය ලැබෙන්නේ කිසිදු කොන්දේසියකට යටත්ව නොවන බවයි.

ශ‍්‍රී ලංකා ගුවන් සේවය

නව බදු ආදායම් සඳහා රේගු අධිකාරියේ ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවට නැංවීම මගින් 2020 වන විට රජයේ දළ දේශීය නිෂ්පාදනය 15% කට ආසන්න මට්ටමකට වර්ධනය කරනු ලැබීම සහ අයථා කළමනාකරණය යටතේ රාජ්‍ය මූල්‍ය කෙරෙහි අහිතකර ව බල පෑමක් ඇති කළ ශ‍්‍රී ලංකා ගුවන් සමාගම වැනි රාජ්‍ය ආයතනවල ප‍්‍රතිසංස්කරණ කිරීම් ගැනත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ‍්‍රී ලංකා දූත මණ්ඩලයේ ප‍්‍රධානියා කරුණු දක්වා ඇත. විවිධ ආර්ථික විiාත්මක වචන හරඹ යොදා ගනිමින් කුමක් කීවද මේ පැමිණෙන්නේ පෞද්ගලීකරණයේ කස කාරයන් බව විචාරකයන් පවසයි.

ඒ අනුව මෙය ශ‍්‍රී ලංකා ගුවන් සේවකයින් නොනවතිනු ඇති බවත් මෙවැනි සේවා පෞද්ගලීකරණය මෙන්ම ජනතා සහන කප්පාදුවක්ද මේ සමඟ නිතැතින්ම අත්වැල්බැඳගනු ඇතැයි ඔවුහු වැඩිදුරටත් පවසයි. ආණ්ඩුව මෙවර ජාත්‍යන්තර කම්කරු දිනයෙන් පසු ආණ්ඩුව ජනතාවට ලබා දීමට සූදානමින් සිටින්නේ එහි පළමු දායාදයයි.

Leave a Reply