ගෝතමාලාවේ කුණු කන්දකට යටවී 24ක් අතුරුදහන් – 4ක් මිය යයි

ගෝතමාලාවේ අගනුවර පිහිටි විශාල කුණු කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයින් 24 දෙනෙකු අතුරුදන්ව තිබේ. ඔවුන් සේවය කරමින් සිටි කම්කරුවන් පිරිසකි. අනතුරින් මිය ගිය හතර දෙනෙකුගේ සිරුරු මේ වන විට සොයා ගෙන ඇති අතර, තවත් 24ක් අතරුදන්ව ඇත. අනතුරට ලක්වූ 15 දෙනෙකු නිරුපද්‍රිතව බේරා ගත් බව ගෝතමාලා බලධාරීහු ප්‍රකාශ කරති. ගෝතමාලාවේ අගනුවර පිහිටි කුණු කඳු අතර විශාලතම කුණු කන්ද මෙය ලෙස සැලකෙන අතර, ඊට දෛනිකව කසළ රැගත් ට්‍රක් රථ 500ක පමණ කසළ මුදා හරිනු ලැබේ.