මෛත්‍රී 5වැනිදා වැඩ පටන් ගනී – පළාත් සභා ඇමතීන් නෙරපයි

Mithreepala-Sirisena

තමන් සමග දේශපාලන වශයෙන් එකඟ නොවන සන්ධානයේ පළාත් සභා මහ ඇමැතිවරුන් ඇතුළු පළාත් ඇමතිවරුන් ධුර වලින් නෙරපා හැරීමට ජනාධිපති සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන සුදානම් වේ. ඒ අනුව ලබන 5 වැනිදා පළාත් සභා ඇමැති ධුර සංශෝධනයක් සිදු කරන බව ජනාධිපතිවරයා පසුගිය සිකුරාදා ගාල්ලේදී මැයි දින කමිටුවට පවසා තිබේ. තමන් වසර එකහමාරක කාලයක් සිදු වන දේ නිහඬව බලා සිටි බවත් එම කාලය තුළදී මෙවැනි පියවරක් නොගත්තේ නොහැකියාව නිසා නොවන බව තේරුම් ගත යුතු බවත් ජනාධිපතිවරයා මෙහිදී තර්ජනාත්මකව පවසා තිබේ. මේ අතර මැයි පළමු වැනිදා කම්කරු දින රැලියේදී වෙනම පක්ෂයක් පිහිටුවීම මහින්ද රාජපක්ෂ විසින් සිදු කරනු ඇති බව මාධ්‍ය වාර්තා කර තිබේ.

Leave a Reply