අපිට අවශ්‍යයි බලයක්. ඒ බලය වෙන මොකක්වත් නොවෙයි. වැඩ කරන ජනතා බලයක් – දුමින්ද නාගමුව
Posted on 05.02.2016 by Madanayaka in දේශීය පුවත් with 0 Comments
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජාත්‍යන්තර කම්කරු දින පෙළපාලිය සහ රැලිය මෙවර පැත්වූයේ ‘වැඩකරන ජනතා බලයක් – සමාජවාදී සමාජයක් යන තේමාව යටතේය’. දහවල් 12ට පමණ කොටහේන රත්නම් පිටියෙන් ආරම්භ වූ කම්කරු දින පෙළපාලිය සවස 03 වන විට කොළඹ බැස්ටියන් මාවතට පැමිණියා.
මෙහිදී ජන රැලියක් පැවැත්වූ අතර එහිදී විවිධ සමාජ බලවේග නියෝජනය කරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයින් ජන රැලිය ඇමතුවා. ගොවි අරගල ව්‍යපාරය නියෝනය කරමින් එහි ජාතික සංවිධායක විමල් වත්තුහේවා , නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය නියෝජනය කරමින් එහි ජාතික සංවිධායික හේමමාලී අබේරත්නද , විප්ලවවාදී ශිෂ්‍ය සංගමය නියෝජනය කරමින් සංජීව බණ්ඩාර, කම්කරු අරගල මධ්‍යස්ථානය නියෝජනය කරමින් දුමින්ද නාගමුව ජන රැලිය ඇමතූ අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික චමීර කොස්වත්තද, තමිල් භාෂාවෙන් ධර්මලිංගම් කිරුබාහරන් රැලිය ඇමතීය.
මෙහිදී ගොවි අරගල ව්‍යාපාරය වෙනුවෙන් අදහස් දැක්වූ එහි ජාතික සංවිධායක විමල් වත්තුහේවා

ගොවියන් තමන්ගේ වෘත්තිය තුළදී මෙන්ම සමාජ ජීවිතයේදීද විඳවන ප‍්‍රශ්න ගැටලූ පිළිබඳ අදහස් දැක්වූවා. පසුගිය වසර කිහිපය තුළ විශේෂයෙන් කෘෂි කර්මාන්තයේදී රසායනික පොහොර අධික ලෙස භාවිත කිරීම නිසා වකුගඩු රෝග වැනි විවිධ රෝගයන්ට ගොවියා ගොදුරු වී ඇති බවත්. මෙයට සැබෑ හේතුව වන ලාභය අපේක්ෂාවෙන් සිදු කෙරෙන බහු ජාතික සමාගම්වල සූරාකෑම පිළිබඳ කතා නොකොට කාබනික පොහොර පිළිබඳ සාකච්ඡුාවකින් එය යට කර ඇති බවද පැවැසුවා.
වැඩිදුරටත් අදහස් දක්වමින් විමල් වත්තුහේවා මෙසේ පැවසුවා.
පහුගිය දශක දෙක තුන තුළ මේ රටේ ආහාර රටාට පවා වෙනස් කරලා තියෙන්නේ. අල වර්ග, කොළ වර්ග ආහාරයට ගත්තා නම් ඒවා සමාගම් විකුණන වර්ග දෙක තුනක් බවට පත් කරලා තියෙන්නේ. ඉඩම්, බීජ, ජලය අවශ්‍යයි, කෘෂිකර්මාන්තයට. ඒ වගේම යන්ත‍්‍ර සූත‍්‍ර සහ තෙල් බෙහෙත් පොහොර අවශයයි. අද වෙද්දී බීජ පොහොර මුළුමනින්ම සමාගම් සතු වෙලා ඉවරයි. දැන් උත්සාහ කරමින් ඉන්නේ, ඉඩම් සහ ජලයව සමාගම් අතට පත් කරන්න. ඒ නිසා ගොවි ජනතාවට තිබෙන්ේ එකම විකල්පයයි. එදිනෙදා මුහුණ දෙන ප‍්‍රශ්නවලට සටන් කරනවා වගේම නව ලිබරල් ධනවාදයට එරෙහිව සටන් කිරීමේ මාවත විතරයි ඉතිරි වෙලා තියෙන්නේ. කම්කරුවන්, ධීවරයින්, ශිෂ්‍යයන් ඇතුළු සියලූම පීඩිත බලවේග සමග එක්ව සටන් කිරීම විතරයි ඉතිරි වෙලා තිබෙන්නේ. ගොවි කම්කරු සමගිය ගොඩනගමු.
හේමමාලි අබේරත්න – නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ ජාතික සංවිධායිකා.

හුදු කාන්තා පීඩනයට විතරක් පටු වෙලා, කාන්තාවගේ ප‍්‍රශ්නය විතරක් ප‍්‍රශ්නයක් විදියට ගෙන සටන් කරන ව්‍යාපාරයක් නොවෙයි, නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය කියන්නේ. කාන්තා, පිරිමි, බාල මහළු කිසිම භේදයකින් තොරව සියලූ දෙනාම අද පීඩාවට පත් වෙලා ඉන්නවා. ඒ නිසා කාන්තාවගේ පීඩාව ගැන විතරක් කතා කරන්න බැහැ. අපි දන්නවා, කාන්තාව මුහුණ දෙන්නේ පොදු පීඩනයේ කොටසක් කියලා. ඒ වගේම කාන්තාව සෑම ක්ෂේත‍්‍රයකම පීඩාවට පත්ව සිටිනවා. ගොවි කාන්තාවක් ගොවියෙක් වූ නිසා පීඩාවට පත් වෙනවා වගේම කාන්තාවක් වීම නිසා පීඩාවට පත් වෙනවා. සිසුවියක් නම්, අධ්‍යාපනය ලබද්දී ශිෂ්‍යයෙක් විදියට පීඩාවට පත් වෙනවා වගේම කාන්තාවක් නිසාත් පීඩාවට පත් වෙනවා. කම්කරු ස්ත‍්‍රියක් නම් ශ‍්‍රමය හෙළද්දී පීඩාවට පත් වෙනවා වගේම කාන්තාවක් වීම නිසාත් පීඩාවට පත් වෙනවා. ඒ නිසා කාන්තාවක් වීම නිසා පීඩාවට පත් වෙනවා කියන සාකච්ඡුාව සමාජයට ගෙන එන්න ඕන.
විදේශ රටවල වහල් ශ‍්‍රමය හෙළන, වතුකරයේ ශ‍්‍රමය හෙළන, කලාපයේ ශ‍්‍රමය හෙළන බහුතර කාන්තාවන් නම් එතැන ප‍්‍රශ්නයක් තිබෙනවා. ඒ වගේම ඒ හැම තැනකම සටනක් තිබෙනවා කියලාත්ෙ අපි කියනවා. ඇයව පීඩාවට පත් කරන ආර්ථිකයට එරෙහි සටනක් තිබෙනවා වගේම ස්ත‍්‍රියක් වීම නිසා විඳින්න වෙන පීඩාවට එරෙහිව සටනක් තිබෙනවා. ඒ නිසා අපි කියනවා, ස්ත‍්‍රියක් වීම නිසා සටන් දෙකක් තියෙනවා. පොදු පීඩාවට එරෙහි සටනක් තියෙනවා වගේම, ස්ත‍්‍රියක් වීම නිසා විඳින්න වී තිබෙන පීඩාවට එරෙහි සටනක් තිබෙනවා.
මේවා කතා කරන අය හිටියාට මේ තත්වයට එරෙහිව සටන් කරන ව්‍යාපාර නෑ. නමුත් අපි කියනවා පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඊට අදාළ නිවැරදි දේශපාලන වැඩපිළිවෙළක් ඉදිරිපත් කර තිබෙනවා. නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය සූදානම්, ඒ වැඩපිළිවෙළත් එක්කෙ නානැවතී ගමනක් යන්න.
වහල් ක‍්‍රමයට එරෙහිවත් ස්ත‍්‍රිය සටන් කළා. වැඩවසම් ක‍්‍රමයට එරෙහිවත් සටන් කළා. ධනවාදයට එරෙහිවත් සටන් කළා. නමුත් එතැනින් පස්සේ ස්ත‍්‍රියගේ ජීවිතය ගොඩනැගීම ගැන කවුරුවත් කතා කළේ නෑ. ඒ නිසා තමයි අපි කියන්නේ ධනවාදයට විනාශය, ස්ත‍්‍රියට නිදහස කියලා.
සංජීව බණ්ඩාර – විප්ලවවාදී ශිෂ්‍ය සංගමය

විප්ලවවාදී ශිෂ්‍ය සංගමය විදියට අපි මේ වේදිකාවට එකතුු වෙන්නේ සුබපැතුම් එකතු කරලා හැරිලා යන්න නොවෙයි. නරුම ධනවාදය විනාශ කරලා සමාජවාදී සමාජයක් ගොඩනැගීමට ගෙන යන අරගලයට ලාංකේය සටන්කාමී ශිෂ්‍යයන්ගේ දායකත්වය තිබෙනවා කියන එක අවධාරණය කරන්නයි ආවේ.
කම්කරුවන්ගේ ප‍්‍රශ්න ශිෂ්‍යයන්ට අදාළ වෙන්නේ කොහොමද? සමහරු කියනවා මේවා ශිෂ්‍යයාට අදාළ නෑ කියලා. සමහරු හිතාගෙන ඉන්නවා, අද ශිෂ්‍යයන් හෙට කම්කරුවන්ෙ වන්නේ නෑ, වෘත්තිකයන් වෙනවා කියලා. කම්කරුවන්ෙ කියලා කියන්නේ ශ‍්‍රමය විකුණන අය. ඒ නිසා වෘත්තිකයන් කම්කරුවන් නොවෙන්නේ කොහොමද? අද ශිෂ්‍යයන් හෙට කම්කරුවන්.
අද ශිෂ්‍ය්‍යන්ට ජීවිතය අහිමි වෙලා තිබෙන්නේ කොහොමද? රස්සාවක් කරන්න සුදුසුකම් එකතු කරන්න ජීවිතය කැප කරන්න වෙලා තිබෙනවා. අද දරුවන්ට ළමා කාලයක් නෑ. දෙමාපියන්ගේ ආදරය විඳින්න, ලෝකය විඳින්න අවස්ථාවක් නෑ. ඒ පැත්තට යොමු වුණොත් රස්සාවකට සුදුසුකම් එකතු කරන්න බැරි වෙනවා. තරුණයන්ට අදාරය කරන්න ඕන. ජීවිතය විඳින්න ඕන. අත්හදා බලන්න ඕන. ඒ අවස්ථාව අහිමි වෙලා තිබෙනවා. ඒ ඇයි? රස්සාව වෙනුවෙන් සුදුසුකම් එකතු කරන්න වෙලා තිබෙනවා.
අධ්‍යාපනයක් ඕන වෙන්නේ වහල්කම් කරන්න සුදුසු සහතික මිටි ගොඩගහන්න නොවෙයි. අද ධනවාදයේ අධ්‍යාපනයේ අරමුණ වෙලා තිබෙන්නේ, රස්සාවක්ෙ වනුවෙන් සහතික ගොඩගහ ගන්න එක. ඒ නිසා ශිෂ්‍යයාට ජීවිතය අහිමි වෙලා තිබෙන්නේ.
ශිෂ්‍යත්වය පාස් කර ගන්න එකද ශිෂ්‍ය්‍යන්ගේ අරමුණ? උස්ස පෙළට ඒ සාමාර්ථ ලබා ගන්න එකද? විශේෂ සාමාර්ථ ලබා ගන්න එකද? ඒ මොනවා කරත් වැඩක් නෑ, ශිෂ්‍යයාට තමන්ගේ ජීවිතය සාර්ථක කර ගන්න බැරි වෙනවා නම්. අද හිෂ්‍යාට ජීවිතය සාර්ථක කර ගන්න පුළුවන් වෙලා තිබෙනවාද? නෑ.
එදා හේමාකට් අරගලයේදී කම්කරුවන් පැය අටක වැඩ දිනයක් වෙනුවෙන් අරගල කළා. අද පැයක්, දෙයක් වැඩ කරන්න ඕන කම්කරුවා පැය 10ක් 12ක් වැඩ කරනවා. එතකොට තව 10කට 12කට රස්සා නැති වෙනවා. රස්සා ලැබෙන්න නම් රස්සා තියෙන්න ඕන. ඒකට වැඩ දිනය කෙටි වෙන්න ඕන. කරන රස්සාවට සාධාරණ වැටුපක් ලැබෙන්නේ නැත්නම් ජීවිතය ලැබෙන්නේ නෑ. ඒ නිසා ජීවිතය දිනා ගන්න නම්, සාධාරණ වැටුපක් ලබන්න පුළුවන් තත්වයක් දිනා ගන්න ඕන. ඒකට කම්කරුවන් එක්ක එක පෙළට හිට ගන්නේ නැතිව ශිෂ්‍යයන්ට තමන්ගේ අනාගතය ගොඩනගා ගන්න බෑ. අන්න ඒ නිසායි, අපි මේ වේදිකාවට ගොඩනැගිලා ඉන්නේ.
ධනපතියන්ට හැම දෙයක්ම විකුණන්න අවශ්‍යයි. එතකොට තමයි උන්ට ලාබ ලැබෙන්නේ. අධ්‍යාපනය විකුණන්න ධනපතියන්ට අවශ්‍යයි. අද ආණ්ඩුව දහස් ගණනක් ශිෂ්‍යයන්ට ගහන්නේ ඇයි? ධනපතියාගේ ලාභය වෙනුවෙන්. නෙවවිල් ප‍්‍රනාන්දු රකින්න මේ ආණ්ඩුව සිසුන්ගේ ඔළු පලනවා. ගිය ආණ්ඩුවත් එහෙමයි. හැමව ධනපති ආණ්ඩුවක්ම ධනපතියාගේ ලාභය වෙනුවෙන් මර්දනය ගේනවා. ශිෂ්‍ය ව්‍යාපාරය ධනපතියන්ට මෙහෙයවන්න බැරි නිසා, ධනපතියන් බලයට ගෙන එන වේදිකාවලට මුක්කු ගහන්නේ නැති නිසා මර්දනය ගෙන එනවා. පාලකයන් ශිෂ්‍ය ව්‍යාපාරයට සුබ පතනවා නම්, එතන තමයි ශිෂ්‍ය ව්‍යාපාරය අරගලය පාවා දීලා තිබෙන්නේ. අද ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරය අරගලය පාවාදීලා නැහැ. ඒ අරගලය ජයග‍්‍රහණය කරන්න නම් වැඩ කරන පන්තියේ ජනතාවගේ අරගලයත් එක්ක ඒකාබද්ද විය යුතුයි. ධනවාදය පරාජය කර සමාජවාදය ගොඩනගන අරගලයකින් මෙපිට ශිෂ්‍යයන්ගේ අරමුණු ජය ගන්න පුළුවන් කියලා අපි හිතන්නේ නෑ.
දුමින්ද නාගමුව – ජාතික සංවිධායක කම්කරු අරගල මධ්‍යස්ථානය

පහුගිය දින කිහිපය දිහා බැලූවොත් කම්කරු දිනයට විශේෂ අවධානයක් ලැබුණා. මහ මැතිවරණයක ප‍්‍රතිඵල නිකුත් වෙනවා වගේ අවධානයක් ලැබුණා. අද සමහරු ප‍්‍රතිඵල බලන්න සූදානමින් ඉන්නවා. කිරුළපන කොහොමද? කැම්බල් කොහොමද ගාල්ල කොහොමද කියලා.
ඒ ගොල්ලෝ ගෙනත් තිබෙනවා සටන් පාඨ කැබ්බල් එකේ, කැප කරන වැඩ කරන ජනතා දිනයක්. කැප කරන වැඩ කරන දිනයකට ලෑස්ති වෙයල්ලා කියලා ඒ ගොල්ලෝ කියනවා. අපි දන්නවා කැප කරන්න මෙවන්නේ මොනවද කියලා. සරසවි සිසුන්ට ඔළු පැලෙන්න පහර දීලා හිස් කබල් කැප කරන්න ලෑස්ති වෙයල්ල. නාගරික වතු ජනතාවට කියනවා ඉඩම් ටික පරිත්‍යාග කරන්න ලෑස්ති වෙයල්ලා. ගොවි ජනතාවට කියනවා ඉතිරි වෙලා තියෙන ජිවිත කෑල්ලත් කැප කරන්න ලෑස්ති වෙයල්ලා කියලා. 80 ජූලි වර්ජනයේදී කම්කරුවන් දහස් ගාණක් දොට්ට අදාලා අද කම්කරු දිනය සමරනවා. 88 ජේ.ආර් මොකක්ද කිව්වේ, වැඩ කරන ජනතාවට කම්කරු දින නෑ, ඕන නම් මගේ උපන් දිනය සමරපන් කියලා මේ බෑනාගේ මාමා කිව්වේ. 87 කම්කරු දිනය සමරන්න දුන්නාද? නෑ. පාරට බහින කොට වෙඩි තිබ්බා. එහෙමයි කෙරුවාවද?
රාජපක්ෂලාගෙන් අපි අහනවා, රොෂේන් චානකගේ නම මතකද? ඇන්ටනීගේ නම මතකද? නැත්නම් මතක් කර ගන්න. රොෂේන් චානක මැරුණේ කොහොමද? ඊ.පී.එෆ්. ඊ.ටී.එෆ්. අරමුදල කොල්ල කන්න ගෙනාපු විශ‍්‍රාම වැටුපට එරෙහිව සටන් කරලා මරුනේ.
බී.ආර්.සී. එක ගැන කතා කරන්න බෑ. දෙපැත්තෙන්ම කතා කරන අයත් එක්ක බෑ. ආණ්ඩු විරෝධය එන්නේ නෑ. දැන් ලයින් එක හොයා ගන්න බෑ. චර චර ගානවා. හරියට කියා ගන්න බෑ. මේ හවුල් පාලනය ගේන්න සම්මාදම් වුණා. කඬේ බඩු ගැන කිය කිය පිටුපස්සේ දොරෙන් රිංගලා ගජරාමෙට වැඬේ දුන්නා. දැන් ඒවා කියයි කියලා බයයි. එක්සත් ජාතික පක්ෂයයි, සන්ධානයයි ගානට කටවල් වහලා. ප‍්‍රාණ ඇප කාරයක් කරලා තියෙන්නේ. වැඩය සද්ද කරන්න එපා, ගත්තුවා කියනවා, ෆොටෝ එලියට දානවා කියනාව. ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ මේ රටේ අරගල දෙකකට පණ පොවමු කීර්තිමත් ව්‍යාපාරයක්. අද ධනපති ගුබ්බෑයම්වලට පාවාදීලා.

ගෙවල්වල ගොම ගානවා. අලි බෙටි ලොකු වුණාට කවුරුත් ගන්නේ නෑ. ලොකු වුණාට වැඩක් නෑ. අඩංගුව මොකක්ද? සාරය මොකක්ද? අද ලොකු රැස්වීම් ඇති. නමුත් හරය තිබෙන්නේ කොතනද? අපේ සමාජයට පාර කියපු ලිබරල් මහත්තුරු නන්නත්තාර වෙලා. ලිබරල් මහත්තුරුන්ට දෙන්න පුළුවන් ටික තමයි දුන්නේ. ඔච්චරයි දෙන්න පුළුවන්. එතැනින් එහාට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඕන නම්, ආර්ථික ජයග‍්‍රහණ අවශ්‍ය නම් ඒකට අලූත් ගමනක් අවශ්‍යයි. ඒ ගමන තමයි අපි මේ යෝජනා කරලා තිබෙන්නේ.
දැන් සමහරු අහනවා, ජාත්‍යන්තර කම්කරු දිනය කිව්වාම, කම්කරු දිනය කියලා එකක් තියෙනවා. සමහරු කැමති නෑ කම්කරුවෙක් කියලාකියන්න. ටයි පොල්ලක් දා ගත්තාම කියනවා විධායක ශ්‍රෙණියේ කියලා. එතකොට කවුරුත් කැමති නෑ කම්කරු පන්තියකියලා කියන්න. වැඩ කරන ජනතා බලයක් හදන්න් නම් එතැන ඉඳලා ප‍්‍රශ්නය නිරවුල්ක ර ගන්න ඕන.
කම්කරු පන්තියට අයිති වෙන්නේ ජීවත්වීම සඳහා වැටුපක් පමණක් ලබන අය. ඒ අයට දේපළ නෑ. ඉඩම් කෑල්ලකට, වාහනයකට නෙවෙයි දේපළ කියන්නේ. සූරාකෑමෙන් ලාභ උපයන දේපළවලට තමයි දේපළ කියන්නේ. වැටුපෙන් පමණක් ජීවත් වෙන අයගේ පන්තිය අදත් තිබෙනවාද නැද්ද? තිබෙනවා. නමුත් ස්වරූපය වෙනස් වෙලා තිබෙනවා. මාක්ස් ඉදිරිපත් කරන වෙලාවේ හිටපු කම්කරුවාට වඩා කම්කරුවාගේ ජීවන තත්වයන් වෙනස් වෙලා තිබෙනවා. විශ‍්‍රාම වැටුප 2016 සිට අහෝිසි කළාම දොස්තරවරුත්, ඉංජිනේරුවොත් පහළම වැටුප් ලබන අයත් කලබල වෙනවා. රනිල් හොඳ දෙයක් කරලා තිනෙවා. හැම කළු වලාවකම රිදී රේඛාවක් තියෙනවා නේ. කරලා තියෙන හොඳ දේ තමයි පන්ති භේදයක් තියෙනවා, බෙදුම් රේඛාවක් තියෙනවා කියලා පෙන්නලා තිබෙනවා.
රනිල් යෝජනා කරනවා වැඩ දිනය පැය 9 කරන්න. සෙනසුරාදාත් වැඩ කරන්න. ඒ මොනවටද?
ග‍්‍රීසියේ කම්කරුවා විශ‍්‍රාම වැටුප් කප්පාදුවට එරෙහිව සටන් කළා. ලංකාවේත් ඒකම නේද? වෙලා තියෙන්නේ? කම්කරු ව්‍යාපාරය තුළ බලය තිබෙන වෘත්තීයසමිති ඒ අරගලය අතහැරලාදැම්මා. නමුත් ආණ්ඩුව 2016 සිට විශ‍්‍රාම වැටුප නතර කළා. දැන් රජයේෙ ස්වයේ ඉන්න අය හිතනවා අපට රනිල් අත තියන්නේ නෑ කියලා. නෑ. ලබ්බට තියපු අත පුහුළටත් තියෙනවා. ඒ නිසා පංගු පේරුවට වැඩ කරන්න එපා. ඔබේ විශ‍්‍රාම වැටුපට අත තියන්න එනවා. මේ ජාත්‍යන්තර ප‍්‍රවණතාවක්.
මුළු ලෝකය පුරාම කඑම පන්තියක් විදියටයි අපි මුහුණ දෙන්නේ. ප‍්‍රංශයේ කම්කරුවන් සටන් කරන ප‍්‍රශ්නය අපටත් එනවා. ග‍්‍රීසියේ කම්කරුවා සටන්කරන ප‍්‍රශ්නය අපට ඇවිත් තිබෙනවා. ඒ නිසා සටන ජාත්‍යන්තරකරණය විය යුතුයි. මේ සටන ජාත්‍යන්තර ස්වරූපයක් ගන්වවා. ඒ නිසා ලෝකයේ ඉදිරි සියවසේ කම්කරුවාගේ ගමන, සමාජවාදී ගමන අලූත් හැඩතල ගන්නවා නියතයි. යුරෝපයේ අලූත් ප‍්‍රවණතා ඇවිත් තිබෙනවා. අපි කාගේවත් ප‍්‍රවණතාවලට ලයිසන් දෙන්නේ නෑ. නමුත් අපි එකක් කියනවා. පහුගිය කාලයේ යුරෝපයේ නාසිවාදී පක්ෂවලට රැුල්ල තිබුණා. අද ඒ රැුල්ල වෙනස් වෙලා තිබෙනවා.
2008 ආපු ආර්ථික අර්බුදය වගේම අර්බුදයක් 2016 ආර්මභ වෙනවා. ඒක නිමා වෙන දවස කියන්න බෑ කියලාලෝක බැංකුව කියනවා. වික‍්‍රමසිංහ කියනවා, මේ අවුරුද්ද විතරයි දුක් විඳින්න වෙන්නේ කියලා. හැයැයි ඔයාට උපදෙස් දෙන ඔස්තාර්ලා කියලා තියෙනවා මේ අර්බුදය නිම වෙන දිනයක් දන්නේ නෑ කියලා. ආර්ථික අර්බුදය තමයි හැම මිනිහෙකුටම තමන්ගේ පන්තිය මතක්ක රලා දෙන්නේ. අදහස් නිවැරදි වුණත් තත්වයන් එන්න ඕන. අදහස් කොතරම් නිර්මාණශීලි වුණත් ඒවා ඉතිහාසයේවැඩ කරන්ේ තත්වයන් ආවාම. අද අපි මතයක් ගේනවා, ජාතිකවාදයටත් අනෙක් පැත්තෙන් හොරිකඩයන් වෙච්ච ලිබරල්වාදීන්ටයි කියන කේන්ද්‍ර දෙකට අපි කියනවා වමේ කේන්ද්‍රයක්, වමේ දේශපාලන බලයක් හදන්න ඕන. ඒක තමයි උත්තරය.

අපි එමු කම්කරුවාගේ ජීවිතයට. බලන්න හේමාකට් අරගලය. පැය අටක වැඩ දිනයක් එල්ලූවේ. දැන් කම්කරුවන්ෙ ඉල්ලන්නේ පැය 12ක් වැඩක රන්න දෙන්න කියලා. මට බස් එකේ හම්බ වුණා මංචි එකේ වැඩ කරන කෙනෙක්. මං ඇහුවා වැටුප කීයද කියලා. 15,000යි. කොහොම ජීවත් වෙන්නේ කියලා ඇහුවාම කිව්වා, ඕටීත් කරලා සෙනසුරාදාත් වැඩ කළාම 25,000ක් විතර ගෙවනවා කියලා. දැන් හැම වැඩ කරන මිනිහාම වැඩි වැඩ දිනයක් බලාපොරොත්තු වෙනවා. නැත්නම් වැඩ කරන්න බෑ.
මාක්ස් කිව්වා කම්කරුවාගේ වැටුප වැඩි වෙන්නේ කියලා. රනිල් වැටුප වැඩි කළානේ. හෙට කඬේට ගිහින් බලන්න. දුර කථන ඇමතුමකට රුපියල් 100ක් වියදම් කළොත් රුපියල් 44ක් බදු වදිනවා. වැඩිකරපු වැටුප ශත පහකට වැඩක් නෑ.
බෝගල පතල කරන්නේ ජර්මන් සමාමක්. අයිතිකාරයා කියනවා ගිය අවුරුද්දේ ලක්ෂ එකහමාරයි ලාභ කියලා.ත පිටකොටුවේ රෙදි විකුණුවා නම් ඊට වඩා හොයන්න තිබුණා. බොරු. බදු වංචා කරනවා. ඒගොල්ලෝ බදු ගෙවන්නේ නෑ. ඒඅයට විරුද්ධව නීති නෑ. හර්ෂලා කලින් මොනවද කිව්වේ. ඒයාලා තමයි ආර්ථිකව ඔස්තාර්ලා. දැනි කියනවා බාණ්ඩාගාරයේ හිල් තියෙනවා, ප‍්‍රායෝගික තත්වයක් ඇවිත් තියෙනවා, ගහනවා බදු කියලා.

කම්කරුවන් ඉල්ලූවේ 2005 වැටුපෙන් කළ ගානට වැඩ කරන්න වැටුප වැඩ කරන්න කියලා. ඒක කරන්න වැටුප 10,000කින් වැඩි කරන්න ඕන. දැන් මොකද වෙලා තියෙන්නේ. රු. 10ථ000කින් වැඩි වුණත් වැටුප වැඩි වෙන්නේ නෑ.
දැන් ගූගල් බැලූම් පෙන්නවා. ධනවාදයේ මේ සංවර්ධන මොහොතට ඒවා අවඹ්‍යයි. දුම්රිය ආවේ, නැව් ආවේ, භාණ්ඩ හුවමාරුවට. ඒ සංවර්ධනමොහොතේ අවශ්‍යතාවට. සංවර්ධනය, සංවර්ධනය කියලා කරමින් ඉන්න දේවල්, කම්කරුවාගේ වැටුප වැඩි කරන්නේ නෑ. වැටුප කවදාවත් වැඩි වෙලා නෑ. අඩු වෙලා තිබෙනවා. නමුත් ජීවිතවලට එක එක දේවල් ටිකක් ලැබිලා තියෙනවා. නමුත් සමාජ ජීවිත නැති කරලා තිබෙනවා. මිනිසුන්ගේ ජීවිත නරුම වෙලා තිබෙනවා. බස් රියදුරෙක් බස් එක ගත්තාම ඔහුට කරනන තියෙන්නේ කෑලි අහුලන්. දහයෙ කෑලි විස්සේ කෑලි. වේගෙන් යනවා, අස්සෙන් දානවා, වෙට්ටු දානවා. දොස්තර මහත්තයා ඉස්පිරිතාලෙන් පස්සේ ප‍්‍රයිවට් ප‍්‍රක්ටිස් කරන්න යනවා. ලෙඞ්ඩු එන කොට තමයි එයාගෙ මීටරේ කැරකෙන්නේ. සමහරුන්ට දරුවන් ඉන්නවා, දරුවන් බලන්න වෙලාවක් නෑ. පාන්දර යනවා, එන්නේ ?. දික්කසාද රේට් එක ඉහ‘ළට යනවා.
අද කම්කරු ව්‍යාපාරය මේ ප‍්‍රශ්න කතා කරනවාද? වැටුප් වැඩිකර ගන්න ඕන. අරුන්ට දුන්නා අර ඇඳුම. අපිත් ගන්න ඔන ඇඳුමක්. ශ්‍රේණි භේදය. වෘත්තිය සමිති ව්‍යාපාරය මේ ප‍්‍රශ්නයට අත ගහන්නේ නෑ. මේ ප‍්‍රශ්නයට අත නොගහන තුරු මේ කෝවේ ඉන්න පුළුවන්. අද දාහකින් වැටුප් වැඩි වෙන කොට දෙදාහකින් බඩු මිල වැඩි වෙනවා.
ස්වාදීන කියලා වෘත්තීය සමිති හදා ගත්ත- මහත්තුරු ගිහිල්ලා රනිල්ගේ කකුලේ ගැටගැහුවා. ස්වාධීන කතා නෑ. ස්වාධීන කතාව ඉවර කළේ මීට සියවස් ගණනකට කලින්. කම්කරුවන් කියනවා අපි හම්බකළොත් අපිකනවා කියලා. එහෙම කන්න බැරි එක තමයි ප‍්‍රශ්නෙ. පැය 12ක් වැඩ කරලාත් කන්න බෑ. ඒ නිසා අවුලවන්න ඕන වෛරයක්. මේ ක‍්‍රමයට එරෙහි වෛරය අවුළන්න ඕන. නවත්තන්න, අල්ලපු ගෙදර මිනිහට වෛර කරන එක. නෝනට, මහත්තයාට වෛර කරන එක. අනෙක් මිනිහට වෛර කරන එක.
එක පැත්තකින් වෘත්තිය සමිතිවාදය, ශ්‍රේභි භේදය, ජාතිවාදය. වෛරය අවුළුවනවා. අපිත් එක්ක ඉන්න සිංහල මිනිහා, දෙමළ මිනිහා, මුස්ලිම් මිනිහා අපේ ප‍්‍රශ්නයට වැරදි නෑ. ප‍්‍රශ්නය තියෙන්නේ අපි ඉපදුණු පන්තියේ.
කම්කරු පන්තිය ව්‍යාධීන් හතරකින් පෙළෙනවා. ආර්ථික වාදය. වැටුපට විතරක් සටන් කරනවා. අපි අහනවා, අපි මෙතෙක් කියපු ඔබගේ ජීවිතය සමස්තයට නොවෙයිද සටන් කරන්න ඕන. අපිට වැටුප විතරද නැත්තේ? වැටුප නෑ, සතුට නෑ, නිදහස නෑ, ජීවිතය නෑ.
ශ්‍රේණි භේදය. වෘත්තිය සමිති හදලා තියෙන්නේ එහෙමත ශ්‍රෙණියට වෘත්තිය සමිතියක්. ධනපතියා හදලා තියෙන්නේ එහෙම. මේ ශ්‍රේණි භේදය පවත්වාගෙන යන වෘත්තිය සමිති කම්කරුවා බෙදනාව. එට්කා ආවා. වැටුප් වැටෙනවා. ඒක කියන්න එපැයි. වෛi වෘත්තිය සමිතියේ නායකයා කියනවා, මේ පින් බිම රැුක ගන්න ඕන. ඒ අය හදනවා මේ ජාතිකවාදී මතවාදයේ ගැට ගහන්න. ඊළඟ පරම්පරාවට ලූ ප‍්‍රශ්නෙ. ඉට්කා ගැහුවොත් ප‍්‍රශ්නෙ එන්නේ හෙට ඉඳලම. ඒක අමුවෙන් කියන්න බෑ. අපේ වැටුප් අඩු වෙනවා, ආදායම් අඩු වෙනවා ඒ නිසා අපි විරුද්ධයි කියන්න පුළුවන්ද එයාලාට. බෑ. මොකද ඒයාලා රටේ අනෙක් ප‍්‍රශ්නවලට මැදිහත් වෙන්නේ නෑ. ඇයි තමන්ගේ වෘත්තිය සමිති හදලා තියෙන්නේ ඒ ශ්‍රේණියට සීමා කරලා. ඒ ගොල්ලෙන්ගේ ප‍්‍රශ්න විතරයි. ඒ නිසා අද වෘත්තිය සමිති අල්ලේ නටවනවා ආණ්ඩු. ජනතා සහාය නෑ.
වෘත්තීය සමිති තමන්ගේ ප‍්‍රශ්නයට විතරක් සීමා වෙලා. ඒ නිසා අනෙක් ශ්‍රේණියට, අනෙක් වෘත්තියට, අනෙක් කෙනාට තියෙන්නේ අහිතක්. සම්බන්ධයක් නෑ. හැමෝම තම තමන්ගේ ලෝකවල,මාලිගාවල හිර වෙලා ඉන්නවා. ඒකයි ප‍්‍රශ්නය. කම්කරු ජනතාවගේ ඇත-ළේ තියෙන වෘත්තිය සමිතිවාදය ශ්‍රේණි භේදය පැරදවිය යුතුයි.
පාවාදීම්වලින් ගැලවෙන්න ඕන. සටන් පාවා දෙන කට්ටිය අඳුනා ගන්න පුුවන්. පහුගිය දවස්වල වෘත්තිය සමිති නායකයන් ඇවිත් කියනවා, අපි එක සටනක්වත් නොකර විශාල දෙයක් කම්රුවන්ට දිනා දීලා තියෙනවා කියලා. මේක ඇත්ත වගේ පේනවා. නමුත් අනිත් පැත්ත මොකක්ද? කම්කරු ජනතාව සංවිධානය නොකර සිටීම වෙනුවෙන්ව දෙන සන්තෝසමෙන් කොටසක් තමයි ලැබෙන්නේ. රස්සා කළ පලියට කම්කරු පන්තියක් හැදෙන්නේ නෑ. කම්කරු පන්තියක් හැදෙන්නේ කම්කරුවෝ කම්කරු පන්ති පදනමින් දේශපාලනය කරන කොට.
අපි ගත යුතු මග මොකක්ද? මේ අර්බුදය ඉස්සරහ. සමස්ත ජීවිතයම ආවරණය කරන, සමස්ත ජිවිතයේ ප‍්‍රශ්නවලට සටන් කරන ව්‍යාපාරයක් අවශ්‍යයි. දේශපාලන ව්‍යාපාරයක්, වෘත්තිය සමිති ව්‍යාපාරයක් අවශ්‍යයි. කම්කරුවන්විතරක් නොවෙයි, ගොවීන් ශිෂ්‍යයන්, ධීවරයන්, ශිෂ්‍යයන් එක සටනකට ගන්න ව්‍යාාරයක් අවශ්‍යයි. පීඩිත පන්තියේ සමගිය, සහෝදරත්වය අවශ්‍යි.
සටන් කරන්න ඕන අරමුණකට. අපි යෝජනා කරනවා වැඩ කරන ජනතා බලයක්. මොකටද? සමාජවාදී සමාජයකට. වැඩ කරන ජනතාවගේ පාලනයක් නිර්මාණය කරන ගමනක් අවශ්‍යයි. එතැනටයි වැඩකරන ජනතා බලයක් ඕන.
අද බලය කියන්නේ රනිල්ගේ බලය, මෛත‍්‍රිගේ බලය, මහින්දගේ බලය. රාජ්‍ය බලය. ඒ බලයට තමයි ලිබරල් මහත්තුරු එක එතක තර්ක හද හද කියන්නේ ඒ බලය ගැන. අපිට අවශ්‍යයි බලයක්. ඒ බලය වෙන මොකක්වත් නොවෙයි. වැඩ කරන ජනතා බලයක්. ඒක හදන්න පුළුවන්. ඒ බලය වමේ මධ්‍යෂ්ථානයක්, වමේ සටන් මධ්‍යස්ථානයක් වටා එකතු කළ යුතුයි.
ඉපැරණි වම, පැරණි වම වගකීම අතහැරියා. ඒ වමේ සැබෑ සාරය උරා ගත්තු ව්‍යාපාරය ඔබ හමුවට ඇවිත් තියෙනවා. ඒ වටා එකතු වෙමු. අත්වැල් බඳ ගනිමු.

මාක්ස්, එංගල්ස්, ලෙනින් ඡායාරූප සහිත පෙළපාලිය ගමන් කරමින්


වැඩකරන ජනතා බලයක්, සමාජවාදී සමාජයක්! යන තේමාව රැගෙන






කම්කරු අරගල මධ්‍යස්ථානයේ සාමාජිකයින් පෙළපාලියේ ගමන්ගත් අයුරු

විප්ලවවාදී ශීෂ්‍ය සංගමය පෙළපාලියේ ගමන්ගත් අයුරු

පෙළපාලියේ ගමන්ගත් විශේෂාංග කිහිපයක්



ජාත්‍යන්තර කම්කරු රැලිය අවසානයේ පැවැති සංස්කෘතික අංගයක්
Related News