සිසුන්ට කරන ලද පහර දීමට එරෙහිව වෛද්යවරු වැඩ වර්ජනයකට සැරසේ

ඊයේ දින (17) SAITM අහෝසි කිරීම ඇතුළු ඉල්ලීම් 15ක් මුල් කරගනිමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව එක්ව සංවිධානය කරන ලද  දැවැන්ත පාගමනට ආණ්ඩුව පොලිසිය යොදා ගනිමින් කරන ලද පහර දීමට විරෝධය ඵල කරමින් ලබන 22වන දින උදෑසන 8 සිට දහවල් 12 දක්වා වැඩ වර්ජනයක නිරත වීමට සිය සංගමය තීරණය කර ඇති බව අද දින(18) මාධ්‍ය හමුවක් කැඳවමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරන ලදී. මෙම තීරණය අද දින එම සංගමයේ විධායක සභා රැස්වීමේදී ගත් බව එහිදී පැවසීය.

Leave a Reply