වියලි කාලගුණය නිසා ජල සැපයුම් දුෂ්කරතා

පවත්නා වියලි කාලගුණ තත්වය හේතුවෙන් ජල සැපයුම දුෂ්කර මට්ටමකට පත්ව ඇති බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශවල ජල සැපයුම මේ වන විට 15%න් පමණ ඉහල ගොස් ඇති බවත් නාගරික ප්‍රදේශ වලට ගැටලුවකින් තොරව ජල සැපයුම සිදු කර හැකි බවත් කදුකර හා දුරබැහැර ප්‍රදේශ වලට ජලය සැපයීමේදී වරින් වර දුෂ්කරතා මතුවන බවත් මෙහිදී ප්‍රකාශ කරන ලදි.

Leave a Reply