වසර 17 කට පසුව ඔස්ට්රේලියාව පරදා ශී‍්‍රලංකාව ජයගනී.

2nd-test.web

වසර 17කට පසුව ශී‍්‍ර ලංකාව ඔ්ස්ටේ‍්‍රලියාව පරදා ටෙස්ට් තරගයක් ජයගනී. මීට වසර 17කට පෙර එනම් 1999 වසරේදී ඔ්ස්ටේ‍්‍රලියාව ටෙස්ට් තරගයකින් පරාජය කිරීමෙන් පසුව නැවත එම අවස්ථාව ඊයේ උදාකර ගැනීමට ඇංජෙලෝ මැතිව් ප‍්‍රමුඛ ශී‍්‍ර ලංකා නණ්ඩායම පල්ළේකැළේ කී‍්‍රඩාංගණයේදී සමත්විය.

සිය හතර වැනි ටෙස්ට් තරගයේදී අනගි ඉනිමක් කී‍්‍රඩා කළ කුසල් මෙන්ඩිස් ලබා ගත් ලකුණු 176 හේතුවෙන් ශී‍්‍ර ලංකා පිළට ජයග‍්‍රහණය ලබා ගැනීමේ මාවත සකස් විය මේ හේතුවෙන් තරගයේ විරයා සම්මානය ඔහුට හිමිවිය.

මෙම තරගයේද ීඅනගි ලෙස පන්දු යැවූ රංගන හේරත් ඉනිම් දෙකෙදීම කඩුළු 09ක් දවාගෙන සිය පන්දු යැවීමේ වගකීම මැනවින් ඉටු කළ අතර ඔහුට අනගි සහයක් ලබා දෙමින් ලක්ෂාන් සදකැන් කඩුළු ලබා ගනිමින් සිය දායකත්වය ඉහළින්ම ලබා දුන්නේය.

ශී‍්‍ර ලංකාව පළමු ඉනිම ලකුණු 117යි, දෙවන ඉනිම 343යි, ඔ්ස්ටේ‍්‍රලියාව පළමු ඉනිම ලකුණූ 203යි, දෙවන ඉනිම ලකුණු 161යි.

Leave a Reply