ලංකාවේ පාසල් වලට තමිල්නාඩුවෙන් ගුරුවරු!

දිවයිනේ වතුකර ප්‍රදේශවලට තමිල්නාඩුවෙන් දෙමළ මාධ්‍ය ගුරුවරු ගෙන්වා ගැනීමට පියවර ගන්නා බවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධක්‍රිෂ්ණ පවසයි.

වතුකරයේ පාසල්වල ගුරු හිඟයක් පවතින අතර විද්‍යා, ගණිත අංශ වල එය විශේෂ බවත් මෙම ගැටළුවට විසදුමක් ලෙස මෙම තීරණය ගත් බවත් මේ සම්බන්දව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී ලංකාවට පැමිණි පසු සාකච්ඡා කිරීමට බලාපොරොත්තු බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේය.

මේ සම්බන්ධව අදහස් දක්වමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් කියා සිටියේ උතුරු නැගෙනහිර උපාධිධාරීන් රැකියා ඉල්ලා මහා පාරේ අඛණ්ඩ අරගලයක සිටින මොහොතක මෙවැනි තීරණයකට සිය සංගමය කිසිසේත් එකඟ නොවන බවය. එමෙන්ම මෙවැනි ගුරු හිඟයක් පැහැදිලිවම පවතින බවත් එයට පිලියමක් ලෙස රැකියා විරහිතව සිටින උපාධිධාරීන් බදවා ගැනීම සහ විද්‍යා පීඨ බදවාගැනීම් ඉහල දැමීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවත් වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටින ලදි.

Leave a Reply