රාජ්‍ය නර්තන හා මුද්‍රා නාට්‍ය සම්මාන උලෙල – 2015 මෙවර උත්කර්ෂවත් අන්දමින් ඊයේ (29) කොළඹ 07 නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්විනී. එය සංවිධානය කරන ලද්දේ අභ්‍යන්තර කටයුතු , වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යශය , සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, රාජ්‍ය නර්තන හා මුද්‍රා නාට්‍ය උපදේශක මණ්ඩලය සහභාගීත්වයෙනි. එම සම්මාන උලෙලේදී ශ්‍රී ලාංකීය නර්තන හා මුද්‍රා නාට්‍ය ක්ෂේත්‍රයට කරන ලද සේවය වෙනුවෙන් ජීවිත්යේ එක්වරක් පමණක් පිදෙන යාවජීව ‘නර්තන තිලක’ සම්මානය සේදරමන් , පීටර් සූරසේන , කමලා ඥානේන්ද්‍ර යන කලාකරුවන් පිදුම් ලැබූ අතර ‘රංගාභිමානී’ සම්මානයෙන් නන්දන බාලසූරිය හා නිලූෆ පීරිස් පිදුම් ලැබූහ.