ඊයේ කොත්මලේ රම්බඩ ඇල්ලේ තේවත්තේ කොටසක් නාය යෑමෙන් මේ වන විට මියගිය ගණන හත දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තාවේ.
මේ සිදුවීම ගැන දිස්ත්‍රික් ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ එම සිදුවීමෙන් තවත් එක් අයකු තුවාල ලබා ඇති අතර ඔහුව මේ වනවිට ප්‍රථිකාර සදහා යොමුකර ඇති බවයි.පෙරේදා සිට ඇද වැටෙන තද වැසි හේතුවෙන් මෙම ප්‍රෙද්ශයේ මෙසේ නාය යෑම සිදුව ඇත.
මේ වනවිට තවදුරටත් එම ප්‍රෙද්ශයේ නාය යෑමේ අවදානමක් උද්ගතව ඇති නිසා එම වත්තේ ලයින් කාමරවල පදිංචි පවුල් 40කට ආසන්න 140 පමණ පිරිසක් ූවතැන් වූවන් ලෙස රම්බඩ හින්දු විද්‍යාලයයේ තාවකාලිකව නවතැන් ගෙන ඇති බවයි.
අද දක්වා නොකැඩී පවතින වැසි හේතුවෙන් නාය යෑමේ තර්ජනය ඇති ප්‍රදේශවල ජනතාවගේ මහත් ජීවිත අනතුරකට ලක්ව ඇති බව වාර්තාවේ.
මීට පෙර හල්දුම්මුල් ප්‍ර දේශයේ මීරියබැද්ද නායයෑමේ සිදුවීමෙන් විශාල ජීවිත හානි සිදුවිනි. එම සිදුවීමෙන් පසුව නායනෑමේ අනතුර ගැන නොතකා එම අනාරක්ෂිත ප්රදේශවලම ජනතාවට ජීවත්වීමට සිදුව ඇත්තේ අවශ්‍ය විකල්ප සදහා බලධාරීන්ගේ මැදිහත්වීම ප්‍රමාණවත් නොවන නිසාය.