යුරෝපය පුරා මේ දිනවල පවතින ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ජර්මනියලප්රංශය හා ඔස්ට්‍රියාවේ නගර හා ගම් ගණනාවක් ගංවතුර තර්ජනයකට ලක්ව ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
මේ වනවිට ප්‍රංශයේ හා ජර්මනියේ පුද්ගලයන් 20 කට ආසන්න පිරිසක් ජලගැලීම් වලින් මියගොස් ඇතැයි වාර්තාවේ.
පසුගිය දිනවල සිට මේ දක්වා ඇදහැලෙන ධාරානිපාත වාර්ෂාව හේතුවෙන් පැරිස් නගරය ආසන්නයෙන් ගලා බසින සේන් ගංගාව පිටාර ගැලීම හේතුවෙන් පැරිස් නගරයට දැඩි ගංවතුර තර්ජනයක් මතුව ඇතැයි වාර්තාවේ. සේන් ගංගාවේ සාමාන්‍ය ජලමට්ටමට වඩා මීටර් 6ක් දක්වා මේවන විට ජල මට්ටම ඉහළගොස් ඇතැයි වාර්තාවේ. පවතින වැසි තත්වය හේතුවෙන් මෙම ඉහළයාම තවදුරටත් වැඩිවනු ඇතැයි එරට බලධාරීන් පවසයි.
මේ හේතුවෙන් බොහෝ පිරිසක් ගංවතුර උවදුරට ගොදුරුවු බව වාර්තාවී ඇතග දැනට වාර්තාවී ඇති අන්දමට ප්‍රංශයේ හා ජර්මනියේ මේවලවිට පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් ඇති අතර තවත් දහස් ගණනාවක් අවතැන්ව ඇත. මීට අමතරව ගේදොරල පශු සම්පත් සහ වතුපිටි වලට විශාල වශයෙන් අලාභ හානි සිදුවී ඇත.
ලොව ප්‍රකට ප්‍රංශයේ ලුව් කලා භවන හා අයිෆල් කුලුන ඇතුළු ප්‍රසිද්ධ ස්ථාන කිහිපයක්ම පිහිටා ඇති ස්ථාන ජලයෙන් යටවීමේ තර්ජනය හේතුවෙන් මේ වන විට එම ස්ථාන වසාදමා ඇතැයි වාර්තාවේ.
ප්‍රංශ ජනාධිපති හොලන්ඩේ විසින් ජලගැලීම් හා දැඩි වර්ෂාව පවතින ප්‍රදේශවලට හදිසි ආපදා තත්වයක් ප්‍රකාශයට පත්කර ඇත.
ජලගැල්මෙන් විපතටපත් ප්‍රංශ වැසියන් බේරාගැනීමට බෝට්ටු සහ හෙලිකොප්ටර් යොදා ඔවුන් හිරවී සිටි ස්ථානවලින් ඉවත් කිරීමට සහන සේවකයෝ වෙහෙසෙති.
වසර 150 ක සිට මෙතෙක් ඇතිවූ දරුණුතම ජලගැල්ම මෙය බව ප්‍රංශයේ ජාතික කාලගුණ වාර්තා ආයතනය පවසා තිබේ.