එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 70 වන සැසිවාරයට සහභාගි වීමට නිව්යෝර්ක් නුවර බලා ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන් කී මූන් හා පොදුරාජ්‍ය මණ්ලීය මහලේකම්වරයා හමුවූ බව වාර්තා වේ.
එමෙන්ම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඊයේ පස්වරුවේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි සමග ද්විපාර්ශවික සාකච්ඡා පවත්වා තිබේ.
ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක නිකාස් ස්වයප් පවසා ඇත්තේ අදාළ සාකච්ඡා වලදී යුක්තිය ගවේශනය සඳහා ශ්‍රී ලංකාවට පූර්ණ සහයෝගය ලබාදීමට ඉන්දියාව කටයුතු කරනු ඇති බවද, එල්.ටී.ටී.ඊයට එරෙහි සිවිල් යුද්ධය අතරතුර යුධ අපරාධවලට ගොදුරු වූ ජනතාවට යුක්තිය ඉටු කරදීම වඩා වැදගත් වන බව ද, එමෙන්ම ශ්‍රී ලංකාවේ ස්වෛරි භාවයට ඉන්දියාව ගරු කරන බවද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළ බවය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 70 වන සැසිවාරය අමතා සිය ප්‍රධාන දේශනය සිදුකරනු ලබන්නේ ලබන 30 වන දා යි.