මියගිය ගණන දසදහස දක්වා ඉහළ යා හැකියි – නේපාල අගමැති

nepal-earth-quick

පසුගියදා නේපාලයේ සිදු වූ භූමිකම්පාවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව දසදහස දක්වා ඉහළ යා හැකි බව එරට අග්‍රාමාත්‍ය සුෂිල්කොයිරාල පවසයි.

නේපාල ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසා ඇත්තේ දැනට ලැබී ඇති නිල දත්ත අනුව සිදුව ඇති මරණ සංඛ්‍යාව 4,310ක් බවයි. එසේම පුද්ගලයින් 7,953දෙනෙකු තුවාල ලබා ඇත.

දශක ගණනාවකින් නේපාලයේ සිදුවූ දරුණුතම ඛේදවාචකය වූ මෙම ව්‍යසනයෙන් මිලියන 08ක පමණ ජනතාවක් විපතට පත්ව සිටිති.

මෙම භූමිකම්පාවෙන් දරුණු බලපෑම් එල්ල වී ඇති ඇතැම් ප්‍රදේශ කරා සහන සේවා සැපයීම තවමත් විශාල ගැටළුවක්ව පවතින බවත් සහන සේවාවල නිරත කණ්ඩායම්වලට ඉටු කිරීමට නොහැකි තරම් වූ උදව් අපේක්‍ෂාවන් සහ ඉල්ලීම් ලැබෙමින් පවතින බවත් එරට අග්‍රාමාත්‍යවරයා පවසයි.

එසේම රෝග පැතිරයාමේ අවදානම හේතුවෙන් මිය ගිය අයගේ මළ සිරුරු ඉක්මණින් ආදාහනය කිරීමට රජය විසින් කටයුතු කරමින් සිටියි.

Share This:

Leave a Reply