19 දෙවන වර කියවීම සම්මතයි…
Posted on 04.28.2015 by Sampath in දේශීය පුවත් with 0 Comments
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වෙනි සංශෝධනයේ දෙවන වර කියවීම අද (28) සවස සම්මත විය.
සංශෝධනයට පක්ෂව ඡන්ද 215ක් හිමිවිය.
සරත් වීරසේකර මන්ත්‍රීවරයා විපක්ෂව ඡන්දය භාවිතා කළ අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් කුමාර පනතට ඡන්දය භාවිතා කිරීමෙන් වැලකී සිටියේය. මන්ත්‍රීවරු 07 දෙනෙකු ඡන්දය විමසන අවස්ථාවේ සභාවේ සිටියේ නැත.
නොපැමිණි මන්ත්‍රීවරුන් වූයේ කෙහෙළිය රඹුක්වැල්ල, ප්‍රේමලාල් ජයසේකර, සුසන්ත පුංචි නිලමේ, ජගත් බාලසූරිය, එල්ලාවල මේධානන්ද හිමි, ජානක බණ්ඩාර හා බැසිල් රාජපක්ෂ යන මන්ත්‍රීවරුන් වේ.
සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා තුනෙන්ම නොමැති වීම නිසා සංශෝධනයේ තුන්වෙනි වර කියවීම කල්තබා ඇති බව වාර්තා වේ.
Related News