මෙවර පෙසප කම්කරු දින රැලිය රාජගිරියේදී
Posted on 04.29.2015 by Sampath in දේශීය පුවත් with 0 Comments
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජාත්‍යන්තර කම්කරු දින රැලිය මැයි පළවෙනිදා රාජගිරිය බණ්ඩාරනායකපුර ක‍්‍රීඩාංගනයේදී පැවැත්වේ.
මෙවර කම්කරු දින රැලියට සමගාමීව ප්‍රසංගයක්ද පැවැත්වෙන බව ඒ සම්බන්ධයෙන් එම පක්ෂය විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
තවද මෙවර පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජාත්‍යන්තර කම්කරු දින රැලියේ ප්‍රධාන තේමාව වන්නේ ‘සතුට නෑ – නිදහස නෑ – වැටුප් නෑ – ජීවිතය නෑ, වෙනසක් නෑ හැරෙමු වමට’ යන්නයි. මෙම රැලියේ ප්‍රධාන සටන්පාඨ ලෙස
රාජ්‍ය, පුද්ගලික, වතු සියළු සේවක මූලික වැටුප් වැඩි කර ගැනීමට සටන් වදිමු!
වතු කම්කරුවන්ට ස්තිර මාසික වැටුපක් දිනා ගැනීමට සටන් වදිමු!
අනියම්, කොන්ත‍්‍රාත්, මෑන් පවර් ශ‍්‍රම කොල්ලය අහෝසි කරනු!
ජලය, ඉඩම්, බීජ කොල්ලයට එරෙහිව ගොවිජන අයිතිය උදෙසා සටන් වදිමු!
අධ්‍යාපනය අයිතියක්, වෙළඳ භාණ්ඩයක් නොවේ!
කාන්තාවන්ගේ නිදහස උදෙසා සංවිධානය වෙමු, එක්ව සටන් වදිමු !
සමාජවාදී ජීවිතයක්, සමාජවාදී සමාජයක් !
ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත, පැය 48 නීතිය ඇතුළු සියලූ මර්දන නීති අහෝසි කරනු !
පැහැරගැනීම්, ඝාතන හෙළිදරවු කරනු ! දේශපාලන සිර කරුවන් වහා නිදහස් කරනු !
මූණු මාරුව ඇති! අධිරාජ්‍යගැති සියලූ රූකඩ පාලනයන් පරදවමු !
ලාභය වෙනුවෙන් ජීවිත වනසන පරිසර සංහාරයට එරෙහිව, සමාජවාදය !
ජාතික පීඩනයට හා සියලූ ජාතිවාදයන්ට එරෙහිව සමඅයිතිය උදෙසා සටන් වදිමු!
පීඩිත ජනතාවනි, උන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය මළ පුඩුවක්, අපේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනා ගැනීමට සටන් වදිමු!
බොරු සංශෝදන එපා, ජනතාවට බලය හිමි වන නව ව්‍යවස්තාවක් සඳහා සටන් වදිමු!
මහ සයුරේ හිමි කරුවනි, අයිතීන් දිනා ගැනීමට සියලූ පීඩිතයන් හා එක්ව සටන් වදිමු!
යන සටන්පාඨ යොදාගෙන තිබෙන බව අදාල නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.
Related News