උතුරු සයිප්‍රස් ජනාධිපතිවරණයෙන් අකින්සි ජය ගනී

cypress-presidentiol-election

cypress-presidentiol-election.2මුස්ටාපා අකින්සි ඊයේ පැවැති උතුරු සයිප්‍රස් ජනාධිපතිවරණයෙන් 60.3% ප්‍රතිශතයකින් ජයගෙන ඇතැයි එරට මැතිවරණ කොමිසම වාර්තා කර ඇත.

මෙහි විශේෂත්වය වන්නේ වසර 14 කාලයක් උතරු සයිප්‍රසයේ අගනුවර වන නිකොෂියාහි නගරාධිපතිවරයා ලෙස කටයුතු කළ ඔහු එම පරිපාලන අත්දැකීම තම දේශපාලන ජයග්‍රහණයට යොදාගැනීමට සමත්විමයි.

වත්මන් සයිප්‍රස් දේශපාලන සංදර්භයට සුදුසු ලෙස අකින්සි මෙවර ජනාධිපතිවරණයට ප්‍රවේශවන්නේ ස්වාධීන අපේකශකයකු ලෙසය. ජනාධිපතිවරණයේදී තම ප්‍රතිවාදී දක්ෂිණාංශික අපේක්ෂකයා පරදා තම ජය තහවුරු කරගැනීමට සමත්විය.

පසුගිය කාලයේ දෙපාර්ශවය අතර පවත්වාගෙන යනු ලැබූ සාම සාකච්ඡා පසුගිය ඔක්තෝබර් මස බිදවැටුණූ අතර එයට මූලිකම හේතුව වූයේ උතුරු සප්‍රසයේ ස්වාභාවික ගෑස්නිධි කැණීමට එම රජය තීරණය කිරීමත් සමගයි.

දශක හතරක තිස්සේ වෙන්ව සිටින උතුරු හා දකුණු සයිප්‍රස් යන කොටස් දෙක තුල එම රටවල ජනතාවගේ අභිලාශය වී තිබෙන්නේ නැවත තම රට එකක්වනු දැකීමටයි. නමුත් දෙපාර්ශවයේම දක්ෂිණාංශික දැඩි මතදාරීන්ගේ බාධා හමුවේ මෙම රටවල් දෙකට එක්වීමට මේ දක්වා නොහැකිවිය.

උතුරු සයිප්‍රසයේ මෙවර ජනාධිපතිවරණයෙන් අකින්සි ජය ගැනීමත් සමග නැවත දෙරටේම ජනතාවගේ එක්වීමේ බලාපොරොත්තු දැඩිව දැල්වී තිබෙන බවද එරටින් වාර්තාවේ. හිටපු ජනාධිපති ඩර්වින් එරොග්ලු දක්ෂිණානංශික මත දරන්නෙකු ලෙස ප්‍රකට වූ අතර දෙරට අතර පැවැති සාම සාකච්ඡා බිදි වැටීමේදී ඔහුගේ එම දේශපාලන ප්‍රවේශයද යම් පමණකට හේතුවී ඇතැයි දේශපාලන විශ්ලේශකයෝ පවසා ඇත.

Share This:

Leave a Reply