ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී ඊයේ රාත්‍රී 10.30ට පමණ සම්මත විය.
සංශෝධනයට පක්ෂව ඡන්ද 212ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ එක් ඡන්දයක් පමණි. එක් මන්ත්‍රීවරයෙකු ඡන්දය ලබාදීමෙන් වැළකී සිටි අතර 10 දෙනෙකු ඡන්දය විමසන ලද අවස්ථාවේ සභා ගැබෙහි සිටියේ නැත.
සංශෝධනයට විපක්ෂව සරත් වීරසේකර මන්ත්‍රීවරයා ඡන්දය භාවිතා කළ අතර ඡන්දය ලබාදීමෙන් වැලකී සිටියේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අජිත් කුමාර මන්ත්‍රී වරයාය.
ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සඳහා වූ යෝජනා පිළිබඳ එකඟතාවක් දක්නට නොවුණු අතර යෝජනා අටකින් හයකට ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අද (28) පස්වරුව වන විට එකඟවී තිබිණි.
ව්‍යවස්ථා සභාවේ සංයුතිය සහ අගමැතිවරයාගේ උපදෙස් මත කැබිනට් මණ්ඩලය පත් කිරීම යන වගන්ති දෙක එලෙස මතභේදයට ලක්වූ ප්‍රමුඛතම කාරණාවන් විය.
17 වෙනි සශෝධනයේ 10 දෙනෙකුගෙන් 04 දෙනෙක්ව පැවති ස්වාධීන කොමිෂන් සභා නම් කිරීමට බලය ඇති ව්‍යවස්ථා දායක සභාවේ පාර්ලිමේන්තු නියෝජනය අදාල සංශෝධන මගින් 07 දක්වා වැඩිකර තිබේ.
19 වැනි සංශෝධනය තෙවන වර ඡන්ද විමසීමට පෙරාතුව පැවැති දෙවන වර කියවීමේදී එය වැඩි ඡන්ද 214කින් සම්මත විය.
ඊට පක්ෂව ඡන්ද 215ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ සරත් වීරසේකර මන්ත්‍රීවරයාගේ ඡන්දය පමණි.
එක් මන්ත්‍රීවරයෙකු ඡන්දය දීමෙන් වැළකී සිටි අතර මන්ත්‍රීවරුන් 7 දෙනෙකු ඒ මොහොතේ සභාගර්භයෙහි සිටියේ නැත.
ඡන්ද විමසීම සිදුකෙරුණේ එක් එක් මන්ත්‍රීවරයෙකු බැගින් එය නාමිකව විමසීමෙනි.