ෆුල් ෆේස් හෙල්මට් තහනම අත්හිටුවීම දික්වෙයි

full_face_helmet

රජය විසින් පනවා තිබූ සම්පූර්ණ මුහුණු ආවරණ සහිත (ෆුල් ෆේස්) හෙල්මට් තහනම අත්හිටුවමින් අභියාචනාධිකරණය පනවා තිබූ නියෝගය අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ විසින් මැයි 19 දක්වා දීර්ඝ කළේය.
ඒ සිවිල් වැසියන් දෙදෙනෙකු ගොනු කළ පෙත්සමක් අද (27) දින නැවත සලකා බැලීමෙන් අනතුරුව ය.
පෙත්සම්කරුවන් සිය පෙත්සමින් පෙන්වා දී තිබුණේ, 1990 හිස් වැසුම් සම්බන්ධ රෙගුලාසි අනුව මුහුණු ආවරණ සහිත (ෆුල් ෆේස්) හෙල්මට් තහනම් කිරීමට පොලීසියට බලයක් නොමැති බව ය.
මෙම පෙත්සම ලබන 18 වැනිදා විභාගයට ගැනීමට නියමිතය.

Share This:

Leave a Reply