වත්මන් නීතිය හා සාමය පිලිබද ඇමැති වරයා වන තිලක් මාරපන ඇවන්ගාඩ් සමාගමේ නීතිඥයා ලෙස කටයුතු කර ඇති බැවින් වහාම ඔහු දැනට දරන ඇමැතිධුරයේ ඉවත් විය යුතු බව පවසා පුරවැසි බලයේ සම කැඳවුම්කරුවන් වන ධර්මසිරි බණ්ඩාරනායක, ගාමිණී වියන්ගොඩ, සමන් රත්නප්‍රිය, කේ ඩබ්ලිව් ජනරංජන සහ ජෝසප් ස්ටාලින් අය විසින් නිවේදනයක් නිකුත් කොට ඇත.
එම ලිපිය මගින් අවධාරණය කර තිබෙන්නේ යහපාලන ආණ්ඩුව තුල මෙවැනි පුද්ගලයින් සිටීමත්, එම වගකීම්වලට එම පුද්ගලයින් පත් කල අයද මෙම සිදුවීම්වලට සෘජුවම වගකිව යුතුබවයි.
මහත් ආන්දෝලනයක් ඇති කල මෙම ඇවන්ගාඩ් ගනුදෙනුව ගැන පෙරේදා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඇමැති තිලක් මාරපන පවසා තිබුනේ මෙම සිදුවීම පොලීසිය විසින් ප්‍රසිද්ධියක් ලබා ගැනීමට කළ වැටලීමක් බවත් එම ආයතනයේ කිසිදු ප්‍රහ්නයක් නොමැති බවකි. මෙම ප්‍රකාශයත් සමගයි පුරවැසි බලය මෙම නිවේදනය නිකුත් කරනු ලැබ ඇත්තේ.

