බදු වැඩි කිරීමට විරෝධය පා තමිල්නාඩු සිනමාහල් වසයි

තමිල්නාඩු ප්‍රාන්ත රජය විසින් ප්‍රාන්ත සිනමා කර්මාන්තය වෙත නව බදු පැනවීමට ගත් තීරණයට විරෝධය පා ප්‍රාන්තයේ සියලු සිනමාහල් වසා දමා ඇති බව වාර්තාවේ.

අදට දින තුනක් ගතව ඇති මෙම සිනමාහල් වසා විරෝධය පළ කිරීමේ වර්ජනයට තවමත් ප්‍රාන්ත රජය යහපත් ප්‍රතිචාර දක්වා නැති බව වාර්තාවේ. නව බදු පැනවීමට ප්‍රාන්ත රජයගත් තීරණය මේ දක්වා වෙනස් කිරීමට එකගවී නැති බව වාර්තාවේ.

මෙතෙක් සිනමා කර්මාන්තයට පනවා ඇති 28%ක ජී.එස්.ටී.බද්දට අමතරවද විනෝද බද්ද ලෙස  30% නව බදු වැඩි කිරීම හේතුවෙන් සිනමා කර්මාන්තයේ ඉදිරි කටයුතු කඩා වැටෙන බව එරට ප්‍රකට සිනමා නළුවක් වන රැජිනිකාත් මාධ්‍ය වෙත ප්‍රකාශකර ඇත.

සෑම ටිකට් පතකින්ම 58%ක බදු මුදලක් ප්‍රාන්ත රජයට ලබා ගැනීමට මෙම නව බදු වැඩි කිරීමේ අරමුණවේ.

සිය ප්‍රාන්තයේ සිනමා කර්මාන්තයේ නියැළෙන ලක්ෂ සංඛ්‍යාත පිරිසකට සිය ජීවන මාර්ගය දුෂ්කර වන බව රැජිනිකාත් එහිදී පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

Leave a Reply