ලංකාවේ පවතින කුඩා පාසල් සීග්‍රයෙන් වැසී යමින් පවතින බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් පෙන්වා දෙයි.
රජයේ සංඛ්‍යාෙල්කන අනුව දැනට පාසල් 9500ක් පමන ක්‍රියාත්මකව පවතී. එහෙත් මෙම සංඛ්‍යාව 10000 වහයෙන් පැවති සමයක්ද පැවතියේය. එහෙත් පසුගිය අඩසියවසක පමණ කාලයේදී විවිධ ආණ්ඩු විසින් අධ්‍යාපන ක්ෂේත්‍රෙය් විවිධ වෙනස්කම් කරමින් ගත් තීන්දු නිසා අවසානයේ පාසල් වැසී යන තත්වයක් ඇතිව තිබේ. වත්මන් ආණ්ඩුව ක්‍රියාත්මක කරන විවිධ ව්‍යාපෘති හේතුවෙන් මෙම තත්වය වඩාත් තීව්‍ර ලෙස උද්ගත වී ඇති බවත් කුඩා පාසල් වල සිටින සිසුන් වෙනත් පාසල් වෙත යොමු කරවීම හරහා එම පාසල් වැසි යන බව වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කරන ලදී.