අද මහමඟ සිටින මොවුන් එදා සිටියේ බලවත් ඇමැති තනතුරුවලය. එදා ඔවුන්ගේ පීඩාකාරී පාලනයට එරෙහිව මහමඟ විරෝධතාවල යෙදී සිටියේ ජනතාවය. එවැනි ජනතා උද්ඝෝෂණවලට එරෙහිව අධිකරණ නියෝග ගත්තේ අද පාරේ වාඩි වී අධිකරණ නියෝග කඩන මොවුන්මය. ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ඉදිරිපිට විරෝධතාවක සිටින මේ සේයාරුව ගනු ලැබුවේ පසුගිය 23 වැනිදාය.