ඊයේ පාකිස්ථානනයේ පොලිස් පුහුණු පාසලට එල්ල කළ ප්‍රහාරයෙන් මේ වනවිට එහි පුහුනුව ලබමින්සිටි 58ක් මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තාවේ.
පාකිස්ථානයේ පොලිස් පුහුණු පාසලකට එල්ල කළ ත්‍රස්තවාදී ප්‍රහාරයක් හේතුවෙන් මේ වන විට එහි පුහුණුව ලබමින්සිටි පොලිස් නිලධාරීන් වෙනත්ඇ ස්තුථානයක්ලු වෙත ගෙනයාමට එරට ආරක්ෂ අංශ කටයුතු කර ඇත.
පොලිස් පුහුණු පාසල පිහිටා තිබෙන්නේ පකිස්තානයේ බලුකිස්තාන් ප්‍රාන්තයේ ක්විටා පුදේශයේය. මෙම ප්‍රහාරය හේතුවෙන් එහි පුහුණුව ලබමින් සිටි පොලිස් භටයන් 100කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවද වාර්තාවේ.
ප්‍රහාරයට පැමිණි අයගේ ඉලක්කයවී ඇත්තේ පොලිස් පුහුූණ පාසලේ සිටි පිරිස් ප්‍රාණ ඇපයට ගැනීම බව පාකිස්ථාන් බලධාරීන් විසින් මාධ්‍ය වෙත පවසා තිබේ.
පැය කිහිපයක් තිස්සේ පැවැති මෙම ප්‍රහාරයට මරාගෙන මැරෙන ත්රස්තවාදීන් තිදෙනෙකුද සිටි ඇත. ඔවුන්ගෙන් දෙදෙනෙකු සිය බෝම්බ පුපුරුවාගෙන මියගොස් ඇති අතර එක් අයෙකු පාකිස්ථාන හමුදා ප්‍රහාරයෙන් මියගොස් තිබේ.
මෙම ත්‍රස්ත ප්‍රහාරය එල්ල කිරීම සමගම එහි සිටි පුහුණු පොලිස් නිලධාරීන් 600ක් අතරින් සියදෙනෙකු පමණ ප්‍රහාරයට ලක්ව ඇතැයි වාර්තාවේ.