ඉතාලියේ භූමිකම්පාවෙන් දැඩි දේපළ හානි.

වසර ගණනාවක් සිට සංචාරකයින්ගේ ආකර්ශණයට ලක්ව තිබූ මධ්‍යම ඉතාලියේ ඉපැරණි ඓතිහාසික ගොඩනැගිළි විශාල ප්‍රමාණයක් පසුගිය බදාදා සිදු වූ භූමිකම්පා දෙක හේතුවෙන් විනාශවී ඇති බව වාර්තාවේ. මෙම අනතුරෙන් කිසිදු ජීවිත හානියක් වාර්තා නොවුද විශාළ දේපළ හානියක් සිදුව ඇත.

පසුගිය බදාදා දින හටගත් මෙම භූමිකම්පා දෙක රිටිටාමාපකයේ 6.1 ක් හා 5.5ක් ලෙස සටහන් ඇති බව එක්සත් ජනපද භූවිද්‍ය සාමාලෝචන මධ්‍යස්ථානය පවසයි.

පසුගිය බදාදා මධ්‍යම ඉතාලියට අයත් විස්සෝ පළාතට අයත් නගර කිහිපයකට බලපෑ ප්‍රබල භූමිකම්පා හේතුවෙන් එම නගරවල ගොඩනැගිලි විශාල ලෙස අනතුරට පත්ව ඇතැයි වාර්තාවේ. විස්සෝ නගරාධිපතිවරයා මධ්‍ය වෙත පවසා ඇත්තතේ තම නගරය සම්පූර්ණයෙන් විනාශවූ බවයි. විස්සෝ නගරයේ තිබෙන ගොඩනැගිලිවලින් තුනෙන් දෙදකක් නැවත මිනිස්වාසට නුසුදුසු බව නගරාධිපතිවරයා පවාස ඇත.

මෙසේ හානියට පත්ව ඇති නගර අතර උස්සිටා හා විසස්සෝ නගරවාසීන්ට අවශ්‍ය මූලික පහසුකම්වන ජලය හා විදුලිය හා තම නිවාස අහිමිව සිටින බැවින් අවතැන් කදවුරුවල එම ජනතාව නොයෙක් දුෂ්කරතා මැද දිවිගෙවන බව වාර්තාවේ.

පසුගිය අගෝස්තු මාසයේදී ද මෙම ප්‍රදේශයට බලපෑ භූමිකම්පාවෙන් පසුව පුද්ගලයින් 298ක් මියගොස් තිබුනි. ඊට අමතරව විශාල දේපළහානියක් සිදුවූ බව විදේස මාධ්‍ය වාර්තා කළේය.