මහ බැංකු බැදුම්කර සිදුවීම පිළිබඳ කෝප් කමිටු වාර්තාව නිකුත්වන දිනයට පෙර එනම් ඊයේ(27) එම චෝදනා ලද හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් හදිසියේම සිංගප්පුරුව බලා පිටත්ව ගොස් තිබේ. කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ඊයේ සවස 3.12ට ගුවන්ගත වූ එමිරේට්ස් ගුවන් සේවයට අයත් EK348 ගුවන් යානයෙන් ඔහු සිංගප්පූරුවට ගිය බව මාධ්‍ය වාර්තා පළ විය.
සිංගප්පූරු පුරවැසියකු ලෙස සිටියදී මහ බැංකු අධිපති ලෙස පත්කරන ලද අර්ජුන් මහේන්ද්‍රන් අද (28) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇතැයි ප්‍රකාශිතය.