ඉරාකයේ මොසූල් නගරය මුදා ගැනීමේ මෙහෙයුමේදී අයි. එස්. සංවිධානයේ සන්නද්ධ සාමාජිකයින් සියගණනක් විනාශ කිරීමට හැකි වූ බව ඉරාක හා එක්සත් ජනපද හමුදා ප්‍රධානීන් පවසා ඇත.
මොසූල් නගරයේ අයි. එස්. සාමාජිකයින් 5000කට වැඩි පිරිසක් රැදී සිටින බවත් එයින් දාහකට ආසන්න පිරිසක් මේ වන විට සටනේදී මරා දමන්නට හැකි වූ බව ඉරාක හමුදා නායකයින් පවසා තිබේ.
මේ වන විට මෙහෙුයුමේ නිරත ඉරාක හමුදා භටයන් 57 දෙනෙකෙු මියගොස් තිබෙන අතර තවත් 300කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇතැයිද වාර්තාවේ
මොසුල් මෙහෙයුම ආරම්භ කිරීමට පෙර එම නගරය මුදා ගැනීම සදහා මාස කිහිපයක් ගතවීමට හැකි බව පැවසුවත් මෙහෙයුමෙන් ආරම්භ කිරීමෙන් පසුව ඉරාක හමුදානායකයින් පවසන්නේ ඉදිරි සති කිහිපය ඇතුල මොසූල් නගරය මුළුමණින්ම මුදාගැනීමේ හැකියාව තම හමුදාවන්ට ඇති බවයි.
මොසුල් නගරවාසීන්ව මිනිස්පළිහක් ලෙස යොදාගනීමින් අයි.එස්. වරු මෙම මෙහෙයුමට මුහුණ දෙමින් සීටි.
එක්සත් ජනපද හමුදාවේ ගුවන් සහාය හා බුද්ධි තොරතුරු ඉරාක හමුදාවන්ට සහාය වේ. මේ වන විට මොසූල් නගරය ආසන්නයේ පිහිටි තෙල් පිරිපහදු කිහිපයකටද අයි. එස්.වරු ගිනිතබා ඇතැයි වාර්තාවේ.