‘සුළග අප රැගෙන යාවි’ හොඳම චිත්‍රපටය ලෙස සම්මාන!

නුවන් ජයතිලකගේ ‘සුළග අප රැගෙන යාවි’ චිත්‍රපටය ඉතාලියේ අන්තර්ජාතික සිනමා උළෙලක දී හොඳම චිත්‍රපටය ලෙස සම්මාන ලැබීය.

ඉතාලියේ ‘මෙත්‍රිකමන්තේ කොර්තෝ'(Metricamente Corto) සිනමා උළෙලට තෝරාගත් සිනමා පට 41ක් අතරින් හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනාගත් ‘සුළග අප රැගෙන යාවි’ නුවන් ජයතිලකගේ ප්‍රඛම සිනමා සිනමා නිර්මාණයයි. මෙම සිනමා කෘතියට 2016 වසරේ 49 වැනි හූස්ටන් ජාත්‍යන්තර සිනමා උළෙලේදී රෙමි සම්මානය හිමි විය. එසේම එය 2016 වසරේ 18 වැනි ලන්ඩන් – ආසියානු චිත්‍රපට උළෙලේ ප්‍රදර්ශනයටද තෝරාගනු ලැබිනි.

sulanga-apa-regena-yavi1