භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව්දෙනනකුට වෙඩි තබා මරණයට පත් කිරීම පිළිබද චෝදනා ලැබූ දුමින්ද සිල්වා ඇතුළු පස්දෙනෙකුට අද (08) දින මරණ දණ්ඩනය නියම කර තිබේ.
මෙම නඩුව විභාග කළ කොළඹ මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති ශිරාන් ගුණරත්න තීරණය කර ඇත්තේ රජයේ සාක්ෂි පරස්පරතාවයන් පවත්නා හේතුවෙන් මෙම සියළුදෙනාම නිදොස් කොට නිදහස් කළ යුතු බවය. එසේ වුවද සෙසු විනිසුරුවරුන් වූ පද්මිනි එන්. රණවක සහ එන්.සී.බී.සී. මොරායස් යන දෙදෙනාගේ තීරණය වී ඇත්තේ සාධාරණ සැකයකින් තොරව වරද තහවුරුව ඇති බැවින් චූදිතයන් පස්දෙනාටම මරණ දඬුවම දිය යුතු බවයි. ඒ අනුව චෝදනා ලැබූ 13 දෙනා අතුරින් සෙසු පිරිස නිදහස් කිරීමට නියෝග කර තිබේ.
මරණ දඬුවම නියම වූයේ දුමින්ද සිල්වා, අනුර තුෂාර ද මෙල්, චමින්ද රවී ජයනාත් හෙවත් දෙමටගොඩ චමින්ද, සරත් බණ්ඩාර හා දැනට අත්අඩංගුවට පත්ව නැති ප්‍රියන්ත ජානක බණ්ඩාර යන පස්දෙනාටය.
2011 ඔක්තෝබර් මස 8 වනදා පැවැති පළාත් පාලන මැතිවරණය අවස්ථාවේ ශ්‍රීලනිප අපේක්ෂකයන්ට ආධාර පිනිස පැමිණි භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර හා එ.ජා.ප. අපේක්ෂකයන් වෙනුවෙන් පැමිණි දුමින්ද සිල්වා සිය ආධාරකරුවන් සමග මුල්ලේරියාව, වල්පොළදී හමුවීමෙන් පසුව සිදු වූ වෙඩි හුවමාරුවකින් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව්දෙනෙක් මියගියහ.

