තව ඇමැතිවරු තුනක් එකතු වෙයි

malik faiser vijith

තවත් කැබිනට් අමාත්‍යවරුන් තිදෙනෙක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්හ. දිවුරුම්දීම සිදු කෙරුණේ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී ය.

එහිදී පළාත් සහා සහ පළාත් පාලන අමාත්‍යවරයා ලෙස ෆයිසර් මුස්තාපා දිවුරුම් දුන් අතර වාරිමාර්ග සහ ජාල කළමනාකරණ අමාත්‍යවරයා ලෙස විජිත් විජයමුණි සොයිසා දිවුරුම් දුන්නේය.

මලික් සමරවික්‍රම දිවුරුම් දී ඇත්තේ, සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ අමාත්‍යවරයා ලෙස ය. මේ අනුව දැන් ඇමති මණ්ඩලයේ සාමාජික සංඛ්‍යාව 47කි.

Leave a Reply